ස්වීඩනයේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ!

Date:

සටහන – PULI

ජනවාරි 07,
කොළඹ (LNW):දිනක් ස්වීඩන් පුරවැසියෙක් රැකියාවෙන් පිටත්ව නිවසට පැමිණීමට දුම්රිය එනතුරු බලා සිටින්නට විය. ඇය රාත්‍රී ආහාරය සඳහා බර්ගර් එකක් මිල දී ගෙන අසළ වාඩි වී සිටිනු දුටු අයෙක් මෙලෙස ඇයගේ ඡායාරූපයක් ගන්නා ලදී.

මෙම පුරවැසියාගේ නම Ylva Johansson වන අතර ඇයගේ රැකියාව රජයේ ඇමතිකමකි.

Ylva Julia Margareta Johansson, 1964 පෙබරවාරි 13 උපත ලද ස්වීඩන් දේශපාලඥයෙකි. ඇය 2019 දෙසැම්බර් 1 සිට von der Leyen කොමිසමේ ස්වදේශ කටයුතු පිළිබඳ යුරෝපීය කොමසාරිස් සහ ස්වීඩනයේ යුරෝපීය කොමසාරිස් ලෙස සේවය කරයි.

ජොහැන්සන් මීට පෙර 1994 සිට 1998 දක්වා පාසල් අමාත්‍යවරිය ලෙසද, 2004 සිට 2006 දක්වා සුබසාධන සහ වැඩිහිටි සෞඛ්‍ය සේවා අමාත්‍යවරිය ලෙසද, 2014 සිට 2019 දක්වා ස්වීඩන් රජයේ කම්කරු හා රැකියා අමාත්‍යවරිය ලෙසද කටයුතු කළාය.

ඇය 1988 සිට 1991 දක්වා සහ 2006 සිට 2019 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වූ අතර එම අවස්ථා දෙකේදීම ස්ටොක්හෝම් මහ නගර සභාව නියෝජනය කළාය.

1988 සිට 1991 දක්වා රික්ස්ඩැග් හි පළමු වරම සමඟ සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ජොහැන්සන් ස්වීඩනයේ වඩාත්ම පළපුරුදු දේශපාලනඥයින් සහ අමාත්‍ය මණ්ඩලයෙන් කෙනෙකි.

මොන ඇමතිකමක් දැරුවත් ඇයට කාර් රථ නැත, ඇයට ආරක්ෂකයින් නැත, ඇය ගෙවන්නේද සාමාන්‍ය පුරවැසියෙකුගේ ජීවන රටාවමය.

ස්වීඩනය යනු පොහොසත්, සංවර්ධිත රටකි. ඒ රටෙහි සාර්ථකත්වය පිටුපස හිඳින යෝධබල ශක්තීන් රට කාබාසිනියා කිරීමට නොව ජීවත් වීමට රටක් ජනතාවට ලබා දීමට පමණක් වෙහෙසෙනු ඇත. එපමණක් නොව ඔවුන් මහජන මුදල් පරිහරණයේදී විශාල විනයක් පෙන්නුම් කරයි.

අපේ ඇත්තෝ බලන්නේ රටේ මිනිස්සුන්ට සැප දෙන්නට නොව ඔවුන් “සැප විඳීම අංක එක කරගෙන අනෙක් එකා මැරිලා ගියත් කම් නැත” යන සිතිවිල්ලෙනි.

පාරක ගියත් වාහන දහයක් පහලොවක් වට කරගෙන යන, රාජකීය මෙනුවකට අනුව කෑම කන, පොඩි පන්තියට හිසක් ඔසවන්න කීයටවත් නොදෙන දේශපාලුවන් සිටින රටක “සුභ අනාගතය” අනාගතයක්ම වනු ඇත.

සංවර්ධනය වෙමින් පවතින රටවලට බදු ගෙවන්නන්ගේ මුදල් පරිහරණය මේ ආර්යාවගෙන් ඉගෙන ගත හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අල්ලස් කොමිසම හමුවට ආ ඇවන්ගාඩ් සභාපති!

රෂිකා හෙන්නායක ජූනි 23, කොළඹ LNW : අල්ලස් කොමිසම...

කළුතර මහනගර සභාවේ නව නගරාධිපතිධූරය NPP එස් එච් ධනුජට!

රෂිකා හෙන්නායක ජූනි 23, කොළඹ LNW : කළුතර මහනගර සභාවේ...

සජින් වාස්ට වරෙන්තු!

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට...

ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිර්‍රම, පැත්තක ඉන්න ලංකාවට බලපානුයේ කෙසේද?

සටහන – පුලීජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හෝමූස් සමුද්‍ර...