*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

ඩෙංගු වැඩසටහන මිනිස්සුන්ට සෞඛ්‍ය ප්‍රශ්ණ අමතක කරවන්න ආපු එකක් වගේ – සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 07 කොළඹ (LNW): ඩෙංගු මර්ධන ජාතික වැඩසටහන මිනිස්සුන්ට සෞඛ්‍ය ප්‍රශ්ණ අමතක කරවන්න ආපු දෙයක් බවත්, හරියට ඒක යුක්තියේ මෙහෙයුම-2 වගේ දෙයක් බව හැඟීයහ බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

ඔහු වැඩි දුරටත් පැවසූවේ,

” ඉමියුනෝග්ලොබියුලින් අපරාධකරුවන් අල්ලන්න සෞඛ්‍ය අමාත්‍යාංයෙන් ප්‍රමාණවත් සහයෝගයක් නොලැබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියනවා. මර්ධන වැඩ සටහන් මාධ්‍ය මෙහෙයුම් වලට සීමා කරන්න එපා.

ඒවායේ සඵලදායක බව බාහිර ආයතනයක් හරහා මනින්න. අපිට පේන විදිහට ඩෙංගු කාලගුණය නිසාම එනවා. කාලගුණය නිසාම ආපහු යනවා. ඒ අතරට වැඩසටහන් කරන අය, අඩුවෙන එක විතරක් ඒ අයගේ ගිණුමට දාලා වාර්ථා හදනවා. රෝග මර්ධන වැඩ සටහන්, නිශ්චිත අරමුණු වලට ලඟා වෙනවාද කියලා කවුරුත් මැනලා බලන්නේ නෑ. මැන්නත් ව්‍යාපෘතියේ සල්ලි ගැනීමේ වුවමනාව මත, තමන්ගේ පිට තමන්ම කහ ගන්න විදිහට කරන මැනිල්ලක් ඒක.

අළුත් සෞඛ්‍ය ලේකම් තුමා ලෝක සෞඛ්‍ය සංවිධානයේත් වැඩ කරලා ආපු නිසා අපි ඉල්ලීමක් කරනවා, නිසි නිර්ණායක දාල නිවාරණ ව්‍යාපෘති වල සඵලදායක බව මැනලා රටට වාර්ථාවක් ඉදිරිපත් කරන්න කියලා. ඒක අද පටන් ගන්න ඩෙංගු මර්ධන ජාතික වැඩ සටහනෙන් පටන් ගන්න. මොනවාද ව්‍යාපෘතියේ අරමුණු, ඒවා මැන ගැනීම සඳහා ව්‍යාපෘතිය විසින් යෝජිත දර්ශක මොනවාද, අරමුණෙන් කොපමණ ප්‍රතිශතයක් ළඟා කර ගත්තාද, ඊළඟ වැඩසටහනේ දියුණු කල යුතු අංශ මොනවාද, වියදම කීයද, ලබා ගත් ප්‍රතිඵල, කරනලද වියදමට අදාලව සාධාරණීකරණය කුමක්ද වගේ දේවල ඊට ආදල සුදුසුකම් සහිත ආයතනයක් හරහා තක්සේරු නොකර, මාධ්‍ය සංදර්ශණ වලින් විතරක් කරන රැවටිලි ඩෙංගු මදුරුවාටවත්, සරම්ප වෛරසයටවත් තේරෙන්නේ නැති බව තේරුම් අරගෙන සාමුහිකව වැඩ කරන්න පුළුවන් වටපිටාවක් හදලා දෙන්න කියලා අපි සෞඛ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලනවා.

බිම් මට්ටමේ නිලධාරීන්ට අවශ්‍ය තෙල් ටික නැහැ. වාහනයක් ගන්න බැහැ. අතිකාල දීමනා ගෙවන්නේ නෑ. ඩෙංගු මර්ධන ව්‍යාපාරය ඔවුන්ගේ පහසුකම් කිසිවක් බලන්නේ නෑ. සමහර නිළධාරීන් විතරක් තරු පහේ හෝටල්වල, ව්දේශ රට වල නිතර සාකච්චා සම්මන්ත්‍රණ තියනවා. වැඩේ කරන මිනිස්සු ඒවා මොකුත්ම දන්නේ නෑ.

ඩෙංගු මර්ධන ව්‍යාපාරයේ ඉන්න නිලධාරීන් පහුගිය කාලය තුල නිවැරැදිව රාජකාරී කලාද, එසේනම් මෙලෙස ඩෙංගු වැඩිවීම කොහොමද වුණේ, ඒකට අදාල අනුමාන ප්‍රධාන හේතුව මොකක්ද කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයට කියන්න පුළුවන් වෙන්න ඕනේ”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan