ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ⁣බඩෝවිට අසංක යන අයගේ ගෝලයකු STF දැලේ

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 07 කොළඹ (LNW): ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ⁣බඩෝවිට අසංක නැමැති අයගේ ගෝලයෙකු මත්ද්‍රව්‍ය රැසක් සමගින් පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එනම්, තේවත්තේ ගෙදර පහළ මුදියන්සේලාගේ ගයාන් තාරක සම්පත් නැමැත්තෙකු වන අතර ,වයස අවුර.35 ක් වන 27/සී, වනරතන පාර, දෙහිවල යන ස්ථානයේ පදිංචි යැයි කියන අයෙකි.

හෙරොයින් ග්‍රෑම් 6 සහ ගංජා ග්‍රෑම් 10 ක් සන්තකයේ තබා ගැනීම, මත්ද්‍රව ජාවාරමේ උපයා ගන්නා ලද රු : 467,000/-(රුපියල් හාර ලක්ෂ හැට හත්දාහයිසහ කඩු පහක් උල් ආයුධයක් සන්තකයේ තබා ගෙන සිටියදී, අංක : 156/බී , කනත්ත පාර, බොරලැස්ගමුවදී 2024.01.06 දින අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

සැකකරුට ඇති පෙර වැරදි ලෙස 2019.08.01 වන දින දෙහිවල පොලිස් වසමේදී පිහියකින් ඇන මනුෂ්‍ය ඝාතනයක් කිරීමට අදාළව ගල්කිස්ස ම/උ බී ආර් 1915/2019 යටතේ නඩු පවරා ඇති බවද පොලිසිය කියා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තයත් එක්ක ලංකාව හැප්පෙන හැටි බලන්න ටිකට් ගන්න හැටි….

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: එළැඹෙන ජනවාරි 22 දා...

හදවත නිසලය… මතකය සසලය…

නන්දන ගුණතිලක සහෝදරය අද (18) හිමිදිරියේ අප වෙතින් නික්ම...

අලව්වේදී තරුණයෙක් වෙඩි තබා ඝාතනය කරලා !

සටහන - රුවන් නෙළුගොල්ල අලව්ව, මොරවලපිටිය, ගොඩාකූරුව ප්‍රදේශයේදී ඊයේ (17)...