මේ රට බේරාගැනීමේ අවසන් අවස්ථාවද ?

Date:

රට බේරා ගැනීමේ අවසන් අවස්තාව නැමති ප්‍රවාදයේ මුඛ්‍ය අර්තය නම් රට මහා අනතුරක ඇති බවත් එක් පසෙක රට බේර ගන්නා දියසෙන් ආඛ්‍යානය ඇති බවත් අනෙක් පස රට ගිල ගන්නා දුෂ්ඨ බලවේගය ඇති බවත් වන අතර දැන් කල යුත්තේ අපගේ අවසන් බින්දුව දක්වාම ශක්තිය වැයකර දියසෙන් ආඛ්‍යානය දිනවිය යුතුබවත්ය..

මේ ප්‍රවාදය විහිළුවට ලක්වෙන තරමටම කරළියට ආවේ රාජපක්ෂ යුගයේ උවත් මෙය නොදියුණු රටවල්වල් වල විවිධ බාෂාවල් හරහා විවිධ යුගවල විටින්විට මතුවන ගෝත්‍ර ප්‍රවාදයකි..

විශේෂයෙන්ම ලෝකයෙන් හුදෙකලාවී අවවර්ධිතව අතීතයේ සිරව පවතින රටවල් වලට ගැලවුම් කරුවන් පැමිණෙන්නේ පිටත ලෝකයෙනි, හේතුව ගෝත්‍ර දේශප්‍රේමයක ගිලී අලාමුලාවූ ස්වදේශ ජානතාවාද තුල රට අවුලෙන් අවුලට රැගෙන යන්නන් මිස ඇත්ත විසඳුම් කරුවන් බිහි නොවීමයි..එයට හේතුව දර්ශනයක් නැති ගොහොදු දූපත් සමාජ යථාර්ථය තුල සියළු දේශීය බලවේග සහ පුත්ගලයන්ද ඊට අන්තර් ගතව පැවතීමයි…

අනෙක් පැත්තෙන් බලෙන් හෝ ඊළඟ අනාගත යුගයට අපව ඇදගෙන යන පිටත බලවේගය පැමිණියද අපගේ රට බේරගන්න අවසන් අවස්තාව හදන ස්වදේශ ගෝත්‍ර බලවේග කැරළි ගසා සියළු බර යොදා ඒ ව්‍යාපෘතීන් කඩාකප්පල් කර දමයි..

වසර දහස් ගානක් එකම වැඩවසම් මුග්ධත්වයක හිරව තිබූ ලංකාව ධනේශ්වර ප්‍රතිසංස්කරණ වලට බලෙන් මෙන් ඇදගෙන ගිය බටහිර ආගමනයද අපේ (ගොංගාලේ) බන්ඩලා, අප්පුලා කැරළි ගසා බාගෙට ගබ්සා කර දැම්මෝය..

කැරළි නොගැසුවද ඊළඟට සොලමන් ඩයස් බන්ඩාද කලේ උපරිම ශක්තියෙන් ධනේශ්වර ප්‍රතිසංස්කරණ කඩාකප්පල් කර රට අතීයය කරාද, නරුම ජාතිවාදයක් දක්කනු ලැබීමය..

ඊළඟට හැත්තෑහතේදී ලංකාවට විවෘත ආර්ථිකය හරහා විදේශ ආයෝජන පැමිනෙමින් තිබූ අවස්තාව ගොංගාලේ ගොඩබන්ඩාගේ ඊළඟ පරම්පරාවේ රතු බන්ඩලා කැරළි ගසා ගබ්සා කර දැම්මෝය..

ඇත්තෙන්ම මේ රට බේරා ගැනීමේ අවසන් අවස්තාව යන අපභ්‍රංෂය ගෝත්‍ර ප්‍රවාදයක් මිස අතීත වර්තමාන අනාගත කාලාත්‍රය තුල යතාර්තයේ පවතින්නක් නොවේ..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අහම්බයක් ….

පුරාවිද්‍යාව හදාරමින් සිටි යුගයකදීමිනිසා සහ අශ්ව හිස ළඟදීඅහම්බයකින්ය අප...

වැසි තත්වයේ වෙනසක් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 17) දිනයේදී බස්නාහිර සහ...

ලංකා ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ජයග්‍රහණය වාර්තා වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ජයග්‍රහණය...

ආණ්ඩුව පළාත් පාලන ආයතන මාර්ගෝපදේශ සංග්‍රහය අමු අමුවේ උල්ලංඝනය කරනවා – විපක්ෂ නායක සජිත්ගෙන් චෝදනා

සටහන - රුවන් නෙළුගොල්ල පළාත් පාලන ආයතනයක සමස්ත සභික ප්‍රමාණයෙන්...