දොස්තරලට දෙන්න පුළුවන් නම් අපිට බැරි ඇයි? සෞඛ්‍ය වෘත්තීය සමිති 10ක් වැඩ වර්ජනයේ!

Date:

කොළඹ LNW:සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 10ක පිරිස් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

වෛද්‍යවරුන්ට ලබා දෙන දීමනාවට සාපේක්ෂව තමන්ට ලබා දෙන දීමනා රුපියල් 35,000 කින් වැඩි කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්,පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්, රසායනාගාර ශිල්පීන්, දත්ත කාර්මිකයන් ඇතුළු සෞඛ්‍ය සේවයට අනුබද්ධ වෘත්තීය සමිති 10 ක පිරිස මෙම වර්ජනයට එක්ව සිටියි.

අද පෙරවරු 08.00ට ආරම්භ වූ මෙම වැඩ වර්ජනය පැය 48 ක් පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව (Disturbance, Availability and Transport allowance – DAT) රු.35,000 සිට රු. 70,000ක් දක්වා වැඩිකිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබුණු අතර ඒ අනුව සෙසු සෞඛ්‍ය වෘත්තිකයින් ද සිය දීමනා වැඩිවිය යුතු බවටයි අවධාරණය කරන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිස්මස් දූපත 2026 වර්ෂය උදා වූ පළමු රාජ්‍ය බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ක්‍රිස්මස් දූපත...

ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවෙන් වාර්තාගත ආදායමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ ඉතිහාසය තුළ ලබූ...

දිට්වා නිසා පූර්ණ හානි වූ වී ඇතුළු ධාන්‍ය වගා වෙනුවෙන් වන්දි ගෙවීම අවසන් අදියරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ වගාවන්ට...