ගම තුළ කෑම පිළිබඳ ලොකු ගැටලුවක් නැහැ. තියෙන්නේ කළු කඩ මාෆියාවක් – ශාන්ත බණ්ඩාර

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 12 කොළඹ (LNW): ඊයේ (11) දින ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී සභාව කල් තබන අවස්ථාවේ විවාදයට එක්වෙමින්, ජනාධිපතිවරයාගේ නායකත්වය තුළ මෙරට ආර්ථිකය ගොඩනැඟීමේ බලාපොරොත්තු තබාගත හැකි දිශාවකට යොමු කර තිබෙන බව පැවසීය.

ඔහු එහිදී මෙසේද ප්‍රකාශ කළා,

” බෝ නොවන රෝගවලට විශාල පිරිසක් ලක්ව සිටිනවා. පසුගියදා එකම දිනයකදී කුරුණෑගල දිස්ත්‍රක්කයේ මළ ගෙවල් 10 කට පමණ ගියා. ඒ අතරින් එකම කෙනයි ස්වාභාවික මරණයකට පත්ව හිටියේ. අනෙක් නව දෙනාම බෝ නොවන රෝගවලින් මරණයට පත්ව තිබුණා. එය බරපතළ තත්ත්වයක්. මෙරට ළමා මන්දපෝෂණය කතා කරන විට වතු ආශ්‍රිතව ජීවත් වන දරුවන් තුළ මන්ද පෝෂණය වැඩියි. ග්‍රාමීය, නාගරික ප්‍රදේශවල ද මේ තත්ත්වය තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීන් 225 ම හොරු විදියට පසුගිය කාලයේ සමාජගත කළා. එතුළින් රට තුළට මත්ද්‍රව්‍ය ගෙන ඒමට ඇතැම් කණ්ඩායමක් ක්‍රියාත්මක වුණා. හෙට කවුරු ආණ්ඩුව ගත්තත් රට ගොඩනැඟීමට සියලුදෙනා එක්ව කටයුතු කළ යුතුයි. දරුවන්ගේ කෘශ වීම, කුරු වීම, මන්දපෝෂණය යනාදිය දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගැනීමට විපක්ෂය යොදා ගන්නේ නම් එය එතරම් යහපත් නැහැ. ඒ ගැන නැවත වතාවක් සිතිය යුතුයි. ගම තුළ කෑම පිළිබඳ ලොකු ගැටලුවක් නැහැ. කළු කඩ මාෆියාවක් තිබෙනවා. හිතූ ගණන්වලට භාණ්ඩ විකුණනවා. ඒ නිසා ජනතාව අසරණ වෙනවා”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග...

මුදල් අමාත්‍යාංශයෙන් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : පසුගිය දවස්වල සිදු...

හිටපු ඇමති සී. බී. රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB...

මහනුවර දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා දින තුනක් තුළ යථා තත්ත්වයට!

කොළඹ LNW:ඉදිරි දින තුනක කාලයක් තුළදී මහනුවර දිස්ත්‍රික්කයේ විදුලි...