ජනපති රනිල් ස්විට්සර්ලන්තය බලා පිටත්ව යයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 13 කොළඹ (LNW): අද (13) අලුයම ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් පිටත්ව ගොස් ඇත.

අනිද්දා (15) දින ආරම්භ වන මෙම සමුළුවේ දී ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට ද ජනාධිපතිවරයා එක්වීමට නියමිත බව වාර්තා වේ.

දේශපාලන, ආර්ථික, සාමාජයීය සහ පාරිසරික න්‍යාය පත්‍ර හැඩගැස්වීමෙහි ලා ප්‍රධාන තීන්දු තීරණ ගැනීමට වසර මුලදී පැවැත්වෙන ගෝලීය වේදිකාව ලෝක ආර්ථික සංසදය යනුවෙන් හඳුන්වන අතර, රාජ්‍ය, ජාත්‍යන්තර සංවිධාන, ගෝලීය සමාගම්, සිවිල් සමාජය ඇතුළු දහසකට අධික නියෝජිතයින් පිරිසක් එම සංසදයට එක්වන බව සඳහන් වේ.

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ස්විට්සර්ලන්ත – ආසියානු වාණිජ මණ්ඩලය විසින් සංවිධාන කරනු ලබන ග්‍රීන් ටෙක් සංසදයේ ප්‍රධාන දේශනය ද පැවැත්වීමට නියමිතව ඇත.

බලශක්ති සුරක්ෂිත ශ්‍රී ලංකාවක් කරා මග පෑදීම යන්න ජනාධිපතිවරයාගේ දේශනයේ මූලික තේමාව වන බව සඳහන් වන අතර, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ස්විට්සර්ලන්ත – ආසියානු වාණිජ මණ්ඩලය සමඟ සංවිධාන කරනු ලබන ව්‍යාපාරික වටමේස සමුළුවකට ද ජනාධිපතිවරයා එක්ව ව්‍යාපාරික නියෝජිතයින්ද හමුවීමට නියමිතයි.

ඊට අමතරව ජනාධිපතිවරයා මෙම සමුළුවට එක්වන රාජ්‍ය නායකයින් සහ ජාත්‍යන්තර ආයෝජකයින් අතර ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතව අතර, ලෝක ආර්ථික සමුළුවට සහභාගිවීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ නොබැඳි ජාතීන්ගේ සමුළුවට සහභාගිවීම සඳහා ලබන 18 වනදා උගන්ඩාව බලා පිටත්ව යාමට නියමිතයි.

ලබන 24 වනදා ජනාධිපතිවරයා නැවත ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය තව...

මර්වින්ට එරෙහි නඩු විභාගය ඇරඹේ. තමන් නිවැරදිකරු බව මර්වින් කියයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ මාර්තු මස 31 වනදා...

මීටියාගොඩ වෙඩිතැබීමක්. කාන්තාවක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල...

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...