වයඹ ජාතික බැඩිමින්ටන් තරගාවලිය ජනවාරි 22 සිට 25 දක්වා

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 14 කොළඹ (LNW): වයඹ පළාත් වීවෘත බැඩිමින්ටන් සූරතාවලිය කුරුණෑගල නගර සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ජනවාරි 22 දා සිට 25 වන දා දක්වා පැවත්වීමට නියමිතයි.වයඹ පළාත් බැඩ්මින්ටන් සංගමය ශ්‍රී ලංකා බැඩිමින්ටන් අනුග්‍රහය යටතේ සංවිධානය කරන මෙම බැඩිමින්ටන් තරගාවලිය ජාතික ශ්‍රේණිගත කිරීම් සඳහා අදාළ වන ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තරගකාරී සහභාගතීවය අපේක්ෂා කරන තරගාවලියක් ලෙස හැඳින්විය හැකියි.ජනවාරි 16 වන දා ඉල්ලුම්පත් භාර ගැනීමේ අවසාන දිනය වන වයඹ පළාත් විවෘත බැඩ්මින්ටන් සූරතාවලියට වීවෘත කාන්තා සහ පිරිමි තරග මෙන්ම වයස් කාණ්ඩ අනුව කණිෂ්ඨ සහ ප්‍රවීන තරග අංශ ද ඇතුළත්ව තිබෙනවා.

කණිෂ්ඨ අංශයේ වයස 9 න් පහළ සිට, 11 න් පහළ,13 න් පහළ,15 න් පහළ,17 න් පහළ සහ 19 න් පහළ යන වයස් කාණ්ඩ යටතේ තරග ක්‍රියාත්මක වීමට නියමිතයි.වයස 9 න පහළ කාණ්ඩයට බාලක සහ බාලිකා ඒකල තරග පමණක් ඇතුළත් වන අතර අනෙකුත් කණිෂ්ඨ වයස් කාණ්ඩ යටතේ බාලක සහ බාලිකා එ්කල මෙන්ම බාලක යුගල සහ බාලිකා යුගල තරඟත් පැවත්වීමට නියමිතයි.

ප්‍රවීන තරග අංශය ක්‍රියාත්මක වන්නේ අවුරුදු 35 ට ඉහළ කාණ්ඩයේ සිටයි.35+,40+,45+,50+ සහ 55+ ලෙස ක්‍රියාත්මක එම තරගවලදී කාන්තා සහ පිරිමි කේවල සහ එම දෙ’අංශයේම යුගල තරග ද,මිශ්‍ර යුගල තරග ද පැවත්වෙන අතර විවෘත තරගාවලියේ ද එම සියලුම තරග අංශ ක්‍රියාත්මක වීමට නියමිතයි.

ඇතුළත්වීමේ ගාස්තු ගෙවීමේ සිටම මාර්ගගත ක්‍රමයට මේ තරගාවලියට ඉල්ලුම් කිරීම ආදී සියලු කරුණු දැන ගැනීම සඳහා 0777 331 851 දුරකතන අංකය විවෘතව පවතින බව තරග සංවිධායක කමිටුව පවසා සිටිනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍ය මර්වින් ඇතුළු තිදෙනාට ඇප!

රෂිකා හෙන්නායක ජූනි 03 , කොළඹ LNW : හිටපු...

ඉන්දුනීසියානු බාලි දූපත අසල දී මගී නෞකාවක් ගිලී යයි!

රෂිකා හෙන්නායක ජූලි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුද්ගලයින් 65...

ජපන් තේ ලෝලීන්ට Ceylon Ice Tea රස හඳුන්වා දෙයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින අඛණ්ඩ සංස්කෘතික...

මිලියන 202කට අධික කේරළ කංසා තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:රුපියල් මිලියන 202 කට අධික වටිනාකමකින් යුත් කේරළ...