මුළු අයිස්ලන්තයටම අද කළු දිනයක්

Date:

සටහන – සශිකලා මධුෂාණි, ජනවාරි 15

ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) :අයිස්ලන්ත කාලගුණ විද්‍යා කාර්යාලය (IMO)මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ, සමහර ස්ථානවල බාධක බිඳී ඇති හෙයින් ලාවා නගරයට ළඟා වූ බවත් එමඟින් නිවාස සහ ගොඩනැගිලි ගිනිබත් වූ බවත්ය.

සක්‍රිය ගිනිකඳු 33ක් ඇති අයිස්ලන්තයේ Reykjanes අර්ධද්වීපයේ ගිනි කන්දක් පුපුරා යාම හේතුවෙන් ධීවර නගරයන්ට ලාවා කාන්දු වී නිවාස විශාල ප්‍රමාණයක් ගිනිබත් වීම හේතුවෙන් අද දිනය අයිස්ලන්තයේ කළු දිනයක් ලෙස නම්කර හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.

මෙම ගිනිකඳු පද්ධතියේ පුපුරා යාමට පෙර ප්‍රබල භූමිකම්පා කම්පන ඇති වූ අතර එතැන් පටන් සති කිහිපය තුළ, මිනිසුන් 4,000 ක් පමණ ග්‍රින්ඩාවික් වෙතින් ඉවත්කළ අතර උණු කළ පාෂාණ යොමු කිරීම සඳහා ගිනි කන්ද වටා බිත්ති ඉදි කරන ලදී.

අයිස්ලන්ත කාලගුණ විද්‍යා කාර්යාලය (IMO)මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ, සමහර ස්ථානවල බාධක බිඳී ඇති හෙයින් ලාවා නගරයට ළඟා වූ බවත් එමඟින් නිවාස සහ ගොඩනැගිලි ගිනිබත් වූ බවත්ය.

මේ සම්බන්ධයෙන් ගිනිකඳු විද්‍යාඥයෙකු වන රොබින් ඇන්ඩෘස් පැවසුවේ, ලාවා නගරයට ඇතුළු වී ඇති බැවින් දැනට පවතින පිපිරීම අතිශයින්ම අනතුරුදායක සහ හානිකර තත්වයක් වන බවත්, ගිනිකඳු පුපුරායාමත් සමඟ සල්ෆර් ඩයොක්සයිඩ් වැනි වායූන් මුදා හරින බැවින් ස්වසන අබාධ ඇති කිරීමට සමත් වන බවත්ය.

ග්‍රින්ඩාවික් වෙතින් ඉවත්කරන ලද පදිංචිකරුවන් නැවත පදිංචි කිරීම වෙනුවෙන් සාකච්ඡා කිරීමට රජය සඳුදා රැස්වන බව අගමැති Katrín Jakobsdóttir මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍ය අකිල අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක අගෝස්තු 22 , කොළඹ LNW : අද(22)...

කොළඹ උතුර – දකුණ දෙකොණටම ජය

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 22, කොළඹ LNW: ශ්‍රී ලංකා...

රුමේෂ් රත්තරන්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 22, කොළඹ LNW: කොරියාවේ Mokpo...

ආසියානු විසිකීරීම් සුරතාවලියේ කාන්තා හෙල්ල ඉසව්වේ රිදී පදක්කම නදීශාට

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 22, කොළඹ LNW:කොරියාවේ Mokpo හී...