ජල මීටරයටත් මිල සූත්‍රයක්!

Date:

කොළඹ LNW: ජල ගාස්තු සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට රජය අවධානය යොමුකර තිබේ.

මේ සම්බන්ධයෙන් ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසන්නේ විදුලි බිල පහත දැමීමට සමගාමීව ජල ගාස්තු අඩු කිරීමට හැකි මිල සූත්‍රයක් පිළිබඳව ජාතික ජල සම්පාදන මණ්ඩලය, ආසියානු සංවර්ධන බැංකුවේ උපදේශකයන් සමඟ සාකච්ඡා කොට මෙම මිල සූත්‍රය සකස් කරන බවයි.

විදුලිබල අමාත්‍යවරයා ලබන මාසයේදී විදුලි බිල අඩු කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කර ඇති අතර ඊට සමගාමීව ජල ගාස්තු ද පහළ හෙළීමට හැකි වනු ඇති බවයි තොණ්ඩමන් මහතා සඳහන් කරන්නේ..

බලශක්තිය සඳහා වැය වන පිරිවැය අඩු කිරීම මගින් ජල සම්පාදන පිරිවැය අඩුවී ජල ගාස්තු අඩු කළ හැකි යැයි ඔහු පවසයි.

මේ වන විට ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව මිදෙමින් සිටින බව පවසන අමාත්‍යවරයා තවදුරටත් පවසන්නේ ගෝලීය පරිමාණයෙන්, මෙම කලාපයේ ප්‍රකෘතිමත් ආර්ථිකයක් හිමි රටක් බවට ශ්‍රී ලංකාව පත්වෙමින් පවතින බවයි.

ඇතමුන් ජනාධිපතිවරණයක් ද තවත් පිරිසක් මහ මැතිවරණයක් ද ඉල්ලා සිටින නමුත් කුමන මැතිවරණක් එළැඹියත් ඔනෑම මැතිවරණයකට උචිත අයුරින් ශ්‍රී ලංකාව දැන් ගොඩනැගෙමින් ඔහු කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...

පනස් වසරකට ආසන්න වුවත් තවමත් අමතක නොවන එයාර් නිව්සීලන්ඩ් TE901 ගුවන් යානා අනතුර!

රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 1979 වසරේ...