තෙල් අර්බුදයක් තිබුණේ නෑ. දේශපාලන අවබෝධයක් නැති ඇමතිගේ ප්‍රකාශ නිසා ජනතාව කලබල වුණා – මහින්ද (VIDEO)

Date:

ඇත්ත වශයෙන්ම රටේ ඉන්ධන අර්බුදයක් නොතිබුණු බවත් ජනතාව කලබලයට පත්ව පෝලිම්වල එකතු වීමට හේතුවුණේ පළපුරුද්දක් නොමැති, දේශපාලන අවබෝධයක් නොමැති උදය ගම්මන්පිල ඇමතිවරයාගේ ප්‍රකාශ බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

“අද වෙනකොට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බොහොම පැහැදිලිව තමන්ගේ අදහස් ප්‍රකාශ කරමින් තමන්ගේ රට එක මාවතකට ගෙනයන්න, සංවර්ධනය කරන්න පියවර අරගෙන තියෙනවා. අගමැතිවරයා වශයෙන්, අපි ඇමතිවරු වශයෙන්, අනිත් මන්ත්‍රීවරු වශයෙන් විතරක් නෙවෙයි රාජ්‍ය නිලධාරීන් වශයෙනුත් මේ හැමදෙනෙක්ම ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට කටයුතු කළයුතු යැයි මා විශ්වාස කරනවා.

පහුගිය දවස්වල අපි දන්නවා තෙල් අර්බුදයක් ගැන කතාවුණා. ඇත්ත වශයෙන්ම අර්බුදයක් තිබුණෙ නෑ. යම් යම් වැරදි ප්‍රකාශ නිසා, දවස් හතරයි තියෙන්නෙ, දවස් තුනයි තියෙන්නෙ කියනකොට මිනිස්සු කලබල වෙනවා. මොකද අපේ යුගවල සමහරවිට පැය 24යි තෙල් තිබුණෙ. නමුත් වාසනාවට නැව් ගෙන්නලා තිබුණා, ඒ නැවෙන් බාන එක විතරයි කරන්න තිබුණෙ. දැන් එදාත් නැව වරායට ඇවිල්ලා තිබුණෙ. එතකොට ඒකෙන් වරායෙන් එළියට ගන්න විතරයි තිබුණෙ තෙල් ටික. එවැනි අවස්ථාවලදී යම් යම් ප්‍රකාශ කිරීමෙන් මං හිතන්නෙ ඒක දේශපාලන වශයෙන් අවබෝධයක් නොමැතිකම හෝ පළපුරුද්දක් නොමැතිකම තුළින් ඇතිවෙච්ච සමහර දේවල් නිසා තමයි මිනිස්සු කලබල වෙලා, අනවශ්‍ය විදියට බියවෙලා පෝලිම් හැදුණෙ. නමුත් ඒ තත්වය අද වෙනස් වෙලා තියෙනවා. වෙනස් කරගෙන යනවා.

අපට අපේ රට දියුණු කරන්න ඕනෙ, ප්‍රදේශ දියුණු කරන්න ඕනෙ. අපි මහාමාර්ග දියුණු කළා මුලින්ම, අද විදුලිය 98% කට තියෙනවා. අපට ජල සැපයුමත් ඒ විදියට දියුණු කරන්න ඕනෙ. වාසුදේව නානායක්කාර මැතිතුමා ඒ කටයුත්ත ඉටු කරමින් යනවා. ඒ විදියට මේ මිනිස්සුන්ගේ අවශ්‍යතා ඉටුකිරීමට තමයි අපි ප්‍රමුඛතාවය ලබාදෙන්නෙ”

අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ රුපියල් මිලියන 133ක වියදමින් ඉදිකෙරුණු නාරම්මල ප්‍රාදේශීය සභාවේ අභිනව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (05) එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ කරුමයට හේතුව ගණිතය නොදන්නා එවුන් රට පාලනය කිරීමයි – ඩඩ්ලි සිරිසේන

මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා...

අද 10 ට රට වටේම ක්‍රිකට්

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...

Cop30 සමුළුවට පෙර දේශගුණික සැලසුම් ඉදිරිපත් කරන ලෙස බ්‍රසීලය සාමාජික රටවල්වලින් අවසාන වශයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එළඹෙන නොවැම්බර් මාසයේ...

මෙතෙක් ලංකාවේ නැව්වලට කැසිනෝ බලපත්‍ර දුන්නේ නෑ. අලුත් පනතින් නැව්වලටත් කැසිනෝ බලපත්‍ර ඉල්ලීමේ අවස්ථාව !

අලුතින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සූදු නියාමන පනත යටතේ...