*
Friday, October 11, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකාවේ ආර්ථික දැක්ම ගැන ජනපති ඉන්දීය සමාගම් ප්‍රධානීන්ට පහදයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ආර්ථික දැක්ම ජනාපතිවරයා විසින් ඉන්දීය සමාගම් ප්‍රධානීන්ට පහදා තිබුණි.

ඒ ඉන්දීය කර්මාන්ත සමූහය (CII) සහ ලෝක ආර්ථික සමුළුව විසින් ඊයේ (16) ස්විස්ටර්ලන්තයේ දී සංවිධානය කරන ලද වටමේස සාකච්ඡාවට සහභාගී වූ අවස්ථාවේදීය.

තිරසාර ආර්ථික වර්ධනයට දායක වන ප්‍රධාන අභියෝග රැසක් සාර්ථකව ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූ බවයි එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.

සැපයුම් සඳහා පැවති අවහිරතා සාර්ථකව විසඳා ගැනීම, ආනයන සීමා ඉවත් කිරීම සහ විදේශ විනිමය ද්‍රවශීලතාවය යථා තත්වයට පත් කර ගැනීම ඇතුළු පියවර රැසක් තුළින් පැවති අභියෝග කෙටි කාලයක් තුළ ජය ගැනීමට හැකි වූ බව වික්‍රමසිංහ මහතා පවසා තිබුණි.

ශ්‍රී ලංකාව සිය වෙළඳ ගිවිසුම් ක්‍රියාකාරීව පුළුල් කරමින් සිටින බවත් ඒ අනුව මෑතකදී ශ්‍රී ලංකාව සිංගප්පූරුව සමඟ විස්තීර්ණ නිදහස් වෙළඳ ගිවිසුමකට එළැඹුණු අතර පෙබරවාරි මාසයේදී තායිලන්තය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹීමට නියමිත බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.

මීට අමතරව නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීම වෙනුවෙන් ඉන්දියාව, චීනය සහ අග්නිදිග ආසියාතික රටවල් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ඒ තුළින් ගෝලීය ආර්ථික ඒකාබද්ධතාවය වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටින බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මෙන්ම රාජ්‍ය ව්‍යවසායන් තුළ පෞද්ගලික ආයෝජනය සිදු කරන ලෙස ආරාධනා කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ, මූල්‍ය සේවා සහ බලශක්තිය වැනි ප්‍රධාන අංශවලද ආයෝජන අවස්ථා පවතින බව සඳහන් කළේය.

වෙරළාසන්නයේ පවතින සුළං බලශක්තිය මෙන්ම සූර්ය බලශක්තිය කෙරෙහි අවධානය යොමු කරමින් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ඉන්දියාව සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් තිරසාර බලශක්ති විසඳුම් සඳහා ශ්‍රී ලංකාව අවධානය යොමු කර ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අධි ධාරිතාවයෙන් යුතු ද්වි දිශා විදුලි සම්බන්ධතාවයක් ඇතිකිරීම සඳහා එකඟතාවක් පවතින බවත් ඉන්දියාව සමඟ භාණ්ඩ හා සේවා සම්බන්ධ වෙළඳාම, රේගු සහයෝගිතාව මෙන්ම වෙළඳ පහසුකම් සැලසීම පිළිබඳ සැලසුම් ඉදිරිපත් කරමින් දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳාම සහ ආර්ථික කටයුතු තවදුරටත් පුළුල් කරගැනීම සඳහා කටයුතු සිදුකෙරෙමින් පවතින බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

තාක්ෂණික සහයෝගිතාවය මෙන්ම වෙළෙඳ ගනුදෙනු සඳහා ඉන්දීය රුපියල භාවිතා කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම තුළින් ආර්ථික සබඳතා ශක්තිමත් කරගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කර ඇති බව පැවසූ ජනාධිපතිවරයා අධ්‍යාපනික හා සංස්කෘතික සහයෝගීතාවය වර්ධනය කිරීම මෙන්ම සංචාරක ව්‍යාපාරය සහ සමාජීය වශයෙන් ද දෙරට අතර සම්බන්ධතාව වැඩිදියුණු කරගැනීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බව පෙන්වා දී තිබුණි.

ඉන්දියාවේ විවිධ ක්ෂේත්‍රවලට අයත් ප්‍රමුඛ පෙළේ සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් සමඟ පැවති මෙම වටමේස සාකච්ඡාවේදී, සැපයුම් දාමවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, සෞඛ්‍ය සේවා, පාරිභෝගික නිෂ්පාදන, විදුලි සංදේශ සේවා සහ හරිත බලශක්තිය වැනි ක්ෂේත්‍රයන්හි පවතින ආයෝජන අවස්ථා පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

විවිධ ආයෝජන සඳහා සුදුසුම ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව මෙහිදී ස්ථානගත වූ අතර ඩිජිටල් තාක්ෂණය තුළ පවතින වැදගත් අවස්ථා මෙන්ම,යටිතල පහසුකම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා ද සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan