ධම්මික එක්ක එකඟතාවක් නෑ. රනිල්ටම ආපහු දෙන්න ඕනෑ – ප්‍රසන්න

Date:

ආර්ථික අර්බුදය විසඳා රට ස්ථාවර කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අවස්ථාවක් ලබාදිය යුතු යැයි තමන් පෞද්ගලිකව විශ්වාස කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අත්දැකීම් නොමැති ජනාධිපතිවරයකු පත් කරගෙන රට නැවත අනතුරේ හෙළිය නොහැකි බවයි ඒ මහතා සඳහන් කළේ.

මෙහිදී ධම්මික පෙරේරා මහතා පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේදැයි මාධ්‍යවේදියෙකු කළ විමසීමකට පිළිතුරු දෙමින් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පැවසුවේ ජනාධිපතිවරණ අපේක්ෂත්වය සම්බන්ධයෙන් පොහොට්ටුව ධම්මික පෙරේරා මහතා සමග එකඟතාවකට පැමිණ නොමැති බවත් එවන් සාකච්ඡාවක් ගැන තමන් දැනුවත් නොමැති බවත් ය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (18) මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය