වැඩබලන පොලිස්පතිගෙන් නව වැඩපිළිවෙලක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 19 කොළඹ (LNW):සෑම ගෘහයකම සිටින සාමාජිකයන්ගේ විස්තර ඡන්ද හිමි නාමලේඛනයට අනුව, පොලිසිය වෙත ලබාගැනීමේ වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් කියා සිටී.

වැඩබලන පොලිස්පතිවරයා පවසන්නේ යම් පුද්ගලයකු පදිංචි අතහැර යන්නේ නම් හෝ අලුතින් නිවෙසකට පදිංචියට පැමිණෙන්නේ නම් එම පුද්ගලයන්ගේ තොරතුරු සියල්ල ප්‍රජා පොලිස් කමිටු මගින් පොලිසියේ වාර්තා විය යුතු බවයි.

මේ අතර ළමා හා කාන්තා කාර්යාංශයේ ” අයි මැක්” නැමැති විශේෂ ව්‍යාපෘතිය යටතේ 2023 වසරේ පමණක් බාලවයස්කාර දරුවන්ගේ අසභ්‍ය වීඩියෝ පට ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් විවිධ පුද්ගලයන් විසින් සමජ ජාලවලට මුදා හැර ඇති බව සොයාගෙන ඇති බවද වැඩබලන පොලිස්පති දේශබන්ධු තෙන්නකොන් පැවසීය.

වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, ඒ අනුව එවැනි අසභ්‍ය වීඩියෝ පට සමාජ ජාලාවලට ඇතුළත් කළ පුද්ගලයන් පිළිබදව විමර්ශන ආරම්භවී තිබෙන බවත්, ඒ සෑම වීඩියෝවක් සම්බන්ධවම විමර්ශනය කර ඒවා සමාජ ජාලාවලට ඇතුළත් කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම මෙම වසර තුළදී සිදුකරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 180ක හිඟයක් – GMOA

සටහන: සශිකලා මධුෂාණි මේවන විට රෝහල් පද්ධතිය තුළ ඖෂධ...

පෙරළිකාර පානදුර සහ සීසීසි විස්සයි විස්ස අවසාන සටනට

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය...

‘ටෙහෙරානය ගිනි ගනීවී’

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල සිවිල් වැසියන්ට...

හිටපු ඇමති දයාගේ කෝටි ගණනක දේපළ වෙන්දේසි කෙරේ !

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය දයා ගමගේට...