ටයිගර් කුසලානයෙන් ශ්‍රී ලංකාව ඉවතට

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 19, කොළඹ (LNW): දකුණු ආසියාව තුළ ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව බවට පත් වී තිබෙන වොලිබෝල් ක්‍රීඩාවට ඇති තැන ක්‍රමයෙන් අභියෝගයට ලක්වෙමින් තිබෙන බව පැහැදිළි කරමින් ශ්‍රී ලංකාවේ පළමු පෙළ වොලිබෝල් තරගාවලියේ ජයග්‍රාහකයා වූ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම එරට පැවත්වෙන් ටයිගර් කුසලාන වොලිබෝල් තරගාවලියේ පිරිමි තරගාවලියේ අවසාන තරගයෙන් ඉවතට වීසි කර දැමීමට එරට වොලිබෝල් ක්‍රීඩා සමාජවලට හැකි විය.

ඒ එරට ක්‍රීඩා සමාජ සහභාගි වූ ටයිගර් කුසලාන වොලිබෝල් තරගාවලියේදී මෙරට ජාතික සූරතාවය දිනූ ක්‍රීඩා සමාජය වන ශ්‍රී ලංකා යුද හමුදාවට අවසාන තරග අවස්ථාව අහිමි කරමින්ය.අවසාන පූර්ව තරගයේදි යුද හමුදා කණ්ඩායම පරාජයට පත් වුණේ එරට හෙල්ප් ක්‍රීඩා සමාජ කණ්ඩායම ඉදිරියේය.වට 3-1 ජයක් වූ එම තරගයේ පළමු වටය ලකුණු 25 – 18 ක් ලෙස ජය ගන්නට යුද හමුදා කණ්ඩායමට හැකි විය.එහෙත් ඉතිරි වට කුන පිළිවෙලින් ලකුණු 25 – 14, 25 – 18 සහ 26 – 24 ලෙස ජයගන්නට සමත් වූයේ හෙල්ප් නේපාල් කණ්ඩායමය.

හෙල්ප් කණ්ඩායම සහ නේපාල පොලිස් ක්‍රීඩා සමාජ කණ්ඩායම් අවසාන තරගයට සුදුසුකම් ලබා ඇති අතර ශ්‍රී ලංකාව මේ තරගාවලියේදී පරාජයට පත් වුණේ මේ කණ්ඩායම් දෙක වෙතින් ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසියේ ගුවන් ගමන් අත්හිටුවීමෙන් සිය ගණනක් විදේශීය සංචාරකයින් සොකෝත්‍රා දූපතේ අතරමං වෙලා..

රෂිකා හෙන්නායක ජනවාරි 08 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සෞදි-එක්සත් අරාබි...

රොෂාන් මැති ද තනි වී ඇත මල මැද්දේ

නිශ්මං රණසිංහ ජනවාරි 08, කොළඹ LNW: පිහාටු මල් ක්‍රීඩාව යනු...

තාක්‍ෂණික නිලධාරියෙකු අල්ලස් දැලේ!

රෂිකා හෙන්නායක ජනවාරි 08, කොළඹ LNW : වත්තල ප්‍රාදේශීය සභාවේ...

ලසන්ත ඝාතනයට වසර 17යි – යුක්තිය අපේක්ෂාවෙන් අදත් පහන් දැල්වෙයි! (PHOTOS)

කොළඹ LNW: සන්ඩේ ලීඩර් කතෘ,ජ්‍යෙෂ්ඨ මධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට...