සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 20, කොළඹ (LNW): මේ පිංතුරේ ටිකක් පරණයි.හැබැයි ඉන්දියාවෙ ක්‍රිකට් අද තියෙන තැන බලයෙන් නෙමෙයි දක්ෂතාවලින් තියෙන්නෙ ඇයි කියන කාරණය මෙතැන තියෙන බව මගේ විශ්වාසයයි.ඉන්දියාවේ ක්‍රිකට් හොර කරනවා කියන එක පිට්ටනිය ඇතුළෙ වෙන්න පුළුවන් ඉඩ අඩුයි.එකම දැවී යාමක්වත් නොදී පිතිකරුවන්ට පහර දෙන්නවත්,ප්‍රතිවාදි කණ්ඩායම් හැම ඉල්ලීමකදීම දැවී ගිය අය ලෙස සටහන් කරන්නටත් තියෙන ඉඩ අඩුයි.හැබැයි සූදු ක්‍රීඩා වැනි දේවලින් ක්‍රිකට් පාලනය කරන්න පුළුවන් කියන එක ක්‍රිකට්මය දක්ෂතාවලට පිටින් ක්‍රිකට් පාලනය කරන්න හැදුණු වෙනත් මානව ක්‍රියාකාරකම්.
මේ තත්ත්වයන්ගෙන් බැහැරට ආවාම කාට හරි කියන්න පුළුවන් ද ඉන්දීය ක්‍රීඩකයින් අදක්ෂ බව.ඒ දක්ෂතාවය තමයි මේ සටහනට නිමිත්ත.මේ පිංතූරෙන් පේන්නෙ ඒකට එක හේතුවක්.
සුනිල් ගවස්කාර් කියන්නෙ කාලයක් ලෝකයේ හිටපු හොඳම පිතිකරු.ඒ වගෙම කාලයක් ලෝකයෙ හිටිය වැඩිම ශතකලාභි ක්‍රිඩකයා.ලෝකයට සාපේක්ෂව ඉතාම අඩු පහසුකම් සහිතව ඉන්දියාව ක්‍රිකට් ගහපු කාලෙ ගවස්කාර් ලෝකයම හොල්ලපු හැටි ගත්තම ඒ දස්කම් කවදාවත් වටිනාකමෙන් පහතට දාන්න බැහැ.ඒ නිසාම සචින් පවා ගවස්කාර්ව බොහොම භක්තියෙන් පිළි ගන්නවා.ඉන්දියාවේ දකුණු ඉන්දීය මාධය සඟයෙක් ගවස්කාර්ට කිව්වෙ ක්‍රිකට් දෙවියොත් වඳින මනුස්සයා කියලා.ඉන්දීය ක්‍රිකට් හී දෙවියන් යනු සචින් වන අතර ඔහුත් වඳින නැත්නම් අසීමිතව ගරු කරන චරිතය ගවස්තාර් බවයි ඔහුට කියන්න අවශ්‍යය වුණේ.
“The Man worshipped by God “
සචින් වඳින ඒ මනුස්සයා ඊටත් පස්සෙ පරම්පරාවෙ මහේන්ද්‍ර සිං දෝනිට තමන් ඇඳන් ඉන්න ෂර්ට් එකේ සමරු අත්සනක් දාන්න කියනවා කියන්නෙ….ඒ නිහතමානිකමට සහ පසු පරම්පරාවේ හැකියාවට ජ්‍යෙෂ්ඨයන් දක්වන ගෞරවය සහ ඇගයීම ගැන හිතා බලන්න හොඳ ඉඩක්.මේ තත්ත්වය තේරුම් ගන්න අවශ්‍යය කරන ප්‍රායෝගික බුද්ධිය සුනිල් ගවස්කාර්ලා උපයාගන්නේ පොළවේ වෙනස්කම්වලට සංවේදීවීම තුළ සහ ඒවා ප්‍රායෝගිකව විදීම තුළයි.
නූතණ පිතිකරුවාට පන්දු යවන්නා හදාරන්න වගේම පන්දු යවන්නාටත් පිතිකරුවාව හදාරන්න තියෙන ඉඩ විශාලයි.ඒ පහසුකමට හේතුව තාක්ෂණය.ඒ නිසා පන්දුවයි පිත්තයි අතර සටන ඉස්සරට වඩා හරි සංකීරණයි.පරණ පන්දු යවන්නෙක්ට හෝ පිතිකරුවෙක්ට තිබුණෙ නැති දැණුමක් සහ බුද්ධියක් ඒ සඳහා අවශ්‍යය වෙනවා.
මේ තත්ත්වය නිසා වර්ථමානයේ දක්ෂයන් වැඩි අභියෝග සහ සංකීරණතා මැද්දෙ ක්‍රීඩා කරන බව ඔවුන් විශ්වාස කරනවා.83 නම් චිත්‍රපටය නැරඹුවේනම් ඉන්දියාවේ ක්‍රිකට් ඒ මොහොතේ පැවති තත්ත්වය අන් රටවලට සාපේක්ෂව සිතා ගන්නට හැකියි.අඩුම තරමේ ක්‍රිකට් පරිපාලනය පවා ඔවුන් ජයගන්න බව විශ්වාස කළේ නැහැ.එසේම 1979 දි එවකට ටෙස්ට් තත්ත්වයට පැමිණ නොසිටි ශ්‍රී ලංකාවටත් පරාජය වී එයින් ද පාරාජය සම්බන්ධ වාර්තාවක් ද තබා තිබූ ඉන්දියාව ගැන පරිපාලකයන් ද ලෝක සූරතයන් වෙනු ඇතැයි සිතුවේ නැහැ.කණ්ඩායමේ සාමාජිකයින් පවා සිටියේ තරගාවලියේ පළමු වටයෙන් ඉවත්ව විදේශ සංචාර සඳහා සහභාගිවීමට ගුවන් ටිකට්පත් පවා වෙන් කර ගෙනයි.
එහෙම ලෝකයට පිටුපසින් ඉන්දියාව පවතින තැනක සිට ටෙස්ට් වංශ කතාවේ වාර්තාගත විශිෂ්ඨම පිතිකරුවෙක් ලෙස සදාකල්හීම සුරැකෙන නමක් ඇති කර ගත් සුනිල් ගවස්තාර් තමන්ගේ කමිස පපුව මහේන්ද්‍ර සිං දෝනිට ඇල්ලීම ඇත්තටම ගවස්කාර්ගේ කීර්තිය සහ පෞරුෂය මෙන්ම වයස ගැන සිතන විටත් ආදරයෙන් සහ ගෞරවයෙන් පපුව පලා දෝනිට පෑම සේ සිතීමේ වරදක් නැත.විශේෂයෙක් මිනිස්සු වයසට යන විට හැසිරෙන ස්වභාවයත් සමඟ ගත් විට අවංකවම ලොකු හැඟීමක් සහිත මිනිසෙකුට මිස එවැනි දෙයක් කිරීමට නොහැකිය.
එසේම සුනිල් ගවස්කාර් කොතැනකවත් තමන්ගේ කාලයේ ක්‍රිකට් තිබුණ විදිහට සහ ඒ තිබුණ සැප සම්පත්වල ප්‍රමාණයට පමණක් පහසුකම් වර්ථමානයට ද තිබිය යුතු බව කියනවා අසා නැත.එසේම මේ තියෙන විදිහට අපිට තිබුණෙ නැහැ,තිබුණෙ නම්… වගෙ කතා කියන්නේ ද නැත.මේ වන විට ලෝකය එක යායක්ව තාක්ෂණයෙන් නැතිනම් භෞතිකව ක්‍රිකට්වලටද ක්‍රිකට් ඉක්මවා ගිය විශාල පහසුකම් ප්‍රමාණයක සපයා ගන්නේ නැතුව ඉහළින් දස්කම් දැක්වීම දුෂ්කර බව දන්නේය.වැඩේ ක්‍රිකට්වලට ක්‍රිකට් නොවන සාධක ද ඇතුළු වී තිබීමය.
මෙහෙම අතීතයක විර පරම්පරාවක් කිළුටක් කහටක් නැතුව ඕනෑම රටක ක්‍රිකට්වලට ආදරය කරන්නට සහ අනාගතයට සහ වර්ථමානයට තමන්ට නොලැබුණු දේ පිරෙන්නට ලැබීම කාලය විසින් ගොඩ නැඟූ අභියෝගයන්හී පලයක් ලෙස සිතට ගන්නේනම් සඑ ඊට ආශිර්වාද කරන්නේනම් ඒ රටේ ක්‍රිකට් හරිම වාසනාවන්තය.ඒ මේ පිංතූරය තරම්ම නොමැරෙන ජාතිකත්වයක් සහ ක්‍රිකට් ප්‍රේමයක් සහිතය.වචන නැතුවාට මේ පිංතූරයේ කියන කතා බයිබලය තරම්ම ආදරයෙන් විශාලය.ධම්ම පදය තරමටම ඒ ආදරය මතුපිටින් පෙනෙනවාටත් වඩා ගැඹුරුය.කුරානය තරමටම අනෙකාගේ සතුටට,සැපතට ආශිර්වාදය ගෙනෙන්නේය.
