බංකොලොත් රට ගොඩනගන්න ආ ජනපති මාස 17 රට සවාරි 18ක් ගිහින් – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

රටේ ඇති අර්බුධය ස්වාභාවිකව නිර්මාණය නොවූ බවත් අකාර්යක්ෂම දූෂිත පාලනය නිසා සිදුවූ බවත් මෙය නිර්මාණය වූ අර්බුධයක් බවත් මෙය ආර්ථික ත්‍රස්තවාදයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මෙම ආර්ථික ත්‍රස්තවාදීන් හොර කල්ලි මැර කල්ලි ගජමිතුරුන් සමග අත්වැල් බදගෙන රට බංකොලොත් කර ලෝකය වටේ සවාරි යමින් ජනතාවගේ ජනදුක පිළිබඳ කිසිදු හැගීමක් නොමැතිව කටයුතු කරන ආකාරය ගැන විරෝධය පළ කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනජීවිත බිල්ලට ගෙන ජනතාව විදින දුක කදුල වේදනාව ගණන් නොගෙන ජනතාව මුහුණ දෙන තාඩන පීඩන ගණන් නොගෙන රටේ නායකයා ජනතා බදු මුදලින් රට සවාරි යන බවත් රටේ ජනාධිපති වී මාස 17ට සවාරි 18ක් ගොස් ඇති බවත් අයවැයෙන් වෙන් වූ මුදල ප්‍රමාණයවත් නොවූ නිසා තවත් මිලියන 200ක් වෙන් කර ගෙන ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (22) නාරම්මල නගරයේ පැවැති ‘ජනපවුර – දඹදෙණිය’ වැඩසටහනට එක්වෙමිනි.

වික්‍රමසිංහ රාජපක්ෂ ජනාධිපතිවරයා ගජමිතුරුවාදය අනුගමනය කරමින් සිටින බවත් ජනතාව පෙලා ලබා ගන්නා බදු මුදල් දූෂණයෙන් වංචාවෙන් සොරකම් කරන බවත් විපක්ෂ නායකවරයා මෙහිදි පැවසීය.

රට සිංගප්පූරුවක් කරන බවත් වැල් පාලම් දිගේ ගොස් රට ගොඩනගන බව පැවසුවත් පෝලිම්වල මැරුණු, බාල බෙහෙත් නිසා ජීවිත අහිමි වූ අයට, පවුල් පිටින් සියදිවි නසා ගත් අයට පවා තවමත් යුක්තිය සාධාරණත්වය නොලැබී ඇති බවත් මේ ආර්ථික ත්‍රස්තවාදයෙන් රට ගොඩ ගැනීමට සමගි ජන බලවෙගය කටයුතු කරන බවත් එසෙ ක⁣ටයුතු කර රට බංකොලොත් වීම නිසා අගතියට පත් සෑම පාර්ශ්වයකටම යුක්තිය ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

වත්මන් ආණ්ඩුව අමනෝඥ ප්‍රතිපත්ති තුළින් රට විනාශ කරන බවත් ගජමිතුරු ධනවාදය අනුගමනය කරන මේ ආණ්ඩුව ජනබලයෙන් පලව හරින බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...

නැවත ඉරානයට බෝම්බ හෙලීමට දෙවරක් නොසිතන බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයට යුරේනියම් සැලකිය...