මහනුවර ප්‍රධාන පාසලක බාහිර රගර් පුහුණුරුවකු මත්ද්‍රව්‍ය සමග පොලිස් අත්අඩංගුවට!

Date:

මහනුවර ප්‍රධාන පාසලක බාහිර රගර් පුහුණුරු හෙරොයින් සහ මත්පෙති 4100 ක් සමග පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ.

මහනුවර ප්‍රදේශයේ ප්‍රධාන පාසලක බාහිර රගර් පුහුණුකරුවෙකු ලෙස සිටි රත්නායක මුදියන්සේලාගේ ආකාෂ් නවරත්න (අවු. 22) නැමැති අයෙකු හෙරොයින් 02g ක් සහ මත්පෙති 4,100 ක් සමග මහනුවර අඹතැන්න ප්‍රදේශයේදී අලවතුගොඩ පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

සැකකාර ගුරුවරයා අඹතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මීට මාස 06 කට පමණ පෙර මෙම පාසලට බාහිර පුහුණුකරුවෙකු ලෙස එක්ව ඇති අතර, මොහු යුධ හමුදා සේවා බලකායට අනුයුක්තව පනාගොඩ කදවුරේ සේවය කර මේ වන විට යුධ හමුදා සේවයෙන් පලාආ අයෙකු බවටයි වැඩිදුර විමර්ශන වලදී පොලිසිය වෙත අනාවරණය වී ඇත්තේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නන්දනගේ අන්තිම කැමති පත්‍රය.

සාමාන්‍යයෙන් මෙලොව හැර යන ඕනිම කෙනෙකුට අවසන් කැමැත්ත කියලා...

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට තවත් එළියක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 හොඳම මධු­ස­මය ගම­නාන්ත ස්ථාන 10 අත­රට...

දිට්වා ආපදාව: විශේෂ කාරක සභාවට අනුමැතිය හිමිවෙයිද?

කොළඹ LNW:සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ...

ගැටවරයෝ අයර්ලන්තයට එරෙහිවත් ඉහළින්ම ජය ගනිති

  නිශ්මං රණසිංහ ජනවාරි 20, කොළඹ LNW: අවුරුදු 19 න් පහළ...