මහනුවර ප්‍රධාන පාසලක බාහිර රගර් පුහුණුරුවකු මත්ද්‍රව්‍ය සමග පොලිස් අත්අඩංගුවට!

මහනුවර ප්‍රධාන පාසලක බාහිර රගර් පුහුණුරු හෙරොයින් සහ මත්පෙති 4100 ක් සමග පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ.

මහනුවර ප්‍රදේශයේ ප්‍රධාන පාසලක බාහිර රගර් පුහුණුකරුවෙකු ලෙස සිටි රත්නායක මුදියන්සේලාගේ ආකාෂ් නවරත්න (අවු. 22) නැමැති අයෙකු හෙරොයින් 02g ක් සහ මත්පෙති 4,100 ක් සමග මහනුවර අඹතැන්න ප්‍රදේශයේදී අලවතුගොඩ පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

සැකකාර ගුරුවරයා අඹතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මීට මාස 06 කට පමණ පෙර මෙම පාසලට බාහිර පුහුණුකරුවෙකු ලෙස එක්ව ඇති අතර, මොහු යුධ හමුදා සේවා බලකායට අනුයුක්තව පනාගොඩ කදවුරේ සේවය කර මේ වන විට යුධ හමුදා සේවයෙන් පලාආ අයෙකු බවටයි වැඩිදුර විමර්ශන වලදී පොලිසිය වෙත අනාවරණය වී ඇත්තේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BJP සබඳතා තරකර ගැනීමට ටිල්වින් සිල්වා දින පහක සංචාරයක් සඳහා ඉන්දියාවට

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු...

කථානායක ජගත්ට එරෙහිව සජබයෙන් විශ්වාසභංගයක්

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග...

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...