කොළඹ මහාධිකරණය විසින් ධීවරයින් 07දෙනෙකුට මරණ දඬුවම්!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 24 කොළඹ (LNW): ධීවරයින් 07දෙනෙකුට කොළඹ මහාධිකරණය මරණ දඬුවම ලබා දී ඇත. ඒ තංගල්ල මුහුදේදී බහුදින ධීවර යාත්‍රාවක් තුළ සිටි පුද්ගලයන් තුන් දෙනෙකු ඝාතනය කර තවත් දෙදෙනෙකුට මරණීය තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

2012 වසරේ ඔක්තෝබර් 15 වනදා තංගල්ල කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය තේජාන් නැමැති බහුදින ධීවර යාත්‍රාවේ සිටි පුද්ගලයන් තුන් දෙනෙකු මෙසේ ඝාතනය කර ඇති බව සඳහන් වේ.

දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආධිත්‍ය පටබැඳීගේ මහතා චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බව ප්‍රකාශ කර ඇත.

මහාධිකරණ විනිසුරුවරයා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ ඉන් අනතුරුවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...

බැංකොක් නගරය ආපදා කලාපයක් ලෙස නම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: තායිලන්තයේ අගනුවර වන...

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් රෝහල් සේවකයෙක් මිය යයි!

කොළඹ LNW:පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ...