කොවිඩ් මෙන් විසි ගුණයක් මාරාන්තික ‘Disease X‘

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 24 කොළඹ (LNW):පසුගියදා ස්විට්සර්ලන්තයේ ඩවෝස් නුවර පැවැති ලෝක ආර්ථික සමුළුවට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අනතුරු ඇඟවූවේ, නුදුරු අනාගතයේදී ලෝක ප්‍රජාවට කොවිඩ් වයිසරයට වඩා විසි ගුණයක් මාරාන්තික විය හැකි වසංගතයකට මුහුණ පෑමට සිදු වනු ඇති බවයි.

‘Disease X‘ ලෙස එම වසංගතය හඳුන්වා දෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් ගෙබ්‍රියෙසස් ඊට මුහුණ දීම සඳහා සියලු රටවල් එක්ව වසංගත ගිවිසුමකට අත්සන් තැබිය යුතු බව ද අවධාරණය කර ඇත.

ලබන මැයි මාසය වන විට සියලු රටවල් එක්ව මේ පොදු සතුරා පරාජය කිරීමේ ගිවිසුමට අත්සන් තබනු ඇතැයි ද ඔහු විශ්වාසය පළ කර ඇත.

‘Disease X‘ ලෙස එම වසංගතය හඳුන්වා ඇත්තේ මෙතෙක් එය හඳුනා ගත් වසංගතයක් නොවීම හේතුවෙන් බවත්, එම වසංගතය බොහෝ විට කොවිඩ් වසංගතයට සමාන හෝ ඊට වඩා මාරාන්තික වසංගතයක් වීමේ අවදානමක් පවතින බවත් වාර්තා වේ.

එමෙන්ම එය වයිරසයක්, බැක්ටීරියා විශේෂයක් හෝ දිලීර විශේෂයක් ද විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමාන කර ඇතැයි ද වාර්තා වේ.

ඉදිරියේදී මුහුණ පෑමට සිදු වන එම වසංගතය කොවිඩ් 19, එබෝලා, ලස්සා උණ, නීපා, සීකා වැනි දහස් සංඛ්‍යාත මරණ සංඛ්‍යාවකට හේතු වූ වසංගත ලැයිස්තුවට ද ඇතුළත් කර ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප් හා පුටින් ඇලස්කාවේදී හමුවේ; සාකච්ජා සාර්ථකයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සමබන්ධයෙන්...

නාවික හමුදාව අපරාජිත එකම කණ්ඩායම බවට පත් වෙයි.

නිශ්මං රණසිංහ අගෝස්තු 16, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන පළමු...

ලොහාන් නොදැනසිටි දෙය ….

ලොහාන් රත්වත්තේ ගැන එක එක කට්ටිය එක එක දේවල්...

LINK NATURAL වෙළද සේවා ක්‍රිකට් සමඟ LINK වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 16, කොළඹ LNW: විද්‍යාව,නූතණ තාක්ෂණය සහ සම්ප්‍රදායික දේශිය...