ලෝකයේ පළමු වරට, පොල් මලක් ආශ්‍රිතව පටක රෝපණයෙන් පොල් පැළ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 24 කොළඹ (LNW): ලෝකයේ පළමු වරට,පොල් මලක් ආශ්‍රිතව පටක රෝපණ තාක්ෂණය යොදා ගනිමින් පොල් පැළ සැකසීම පිළිබඳ ලුණුවිල පොල් පර්යේෂණ ආයතනය මඟින් සිදු කළ පර්යේෂණ සාර්ථක වී ඇති බව සඳහන් වේ.

ලුණුවිල පොල් පර්යේෂණ ආයතනය සඳහන් කරන්නේ. පර්යේෂණ නළ තුළ පොල් මලක Unopened Female Flower ආශ්‍රිතව සියුම් කොටසක් යොදා ගැනීම මඟින් නිපදවා ඇති මෙම පොල් පැළ සෑම අතින්ම මවු ශාකයට සමාන වන බවයි.

මෙම පොල් පැළවල රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව ද ඉහළ මට්ටමේ වන බව එම ආයතනය සඳහන් කරයි.

ලෝකයේ පොල් වගා කරන බොහෝ රටවල් පටක රෝපණ තාක්ෂණය යොදා ගනිමින් පොල් පැළ වගා කිරීමට කටයුතු යෙදුවත් ඔවුන් යොදා ගනු ලබන්නේ පොල් මදය ආශ්‍රිතව ඇති කොටස්ය.

නමුත් මෙතෙක් ලෝකයේ කිසිදු රටක් පොල් මලෙහි Unopened Female Flower ආශ්‍රිතව කොටස් යොදා ගනිමින් පොල් පැළ නිර්මාණය කර නැති බව වාර්තා වේ.

ඒ අනුව ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයේ ආචාර්ය සනාතනී රණසිංහ, අංශ ප්‍රධාන ආචාර්ය විජිතා විදානාරච්චි ප්‍රමුඛ විද්‍යාඥයන් පිරිසක් විසින් එම රසායනාගාර ආශ්‍රිතව සිදු කරන ලද Clonal Plant පටක රෝපණ ක්‍රමය මඟින් මෙසේ පොල් පැළ නිපදවා ගැනීම ඉතාමත් සාර්ථකව ඉටුකර තිබේ.

මෙසේ නළ තුළ නිෂ්පාදනය කළ පොල් පැළ නිරීක්ෂණය සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයට පසුගියදා ගොස් තිබිණි.

පර්යේෂණ නළ තුළ පොල් මලක සියුම් කොටසක් යොදා ගැනීම මඟින් නිපදවා ඇති පොල් පැළ අමාත්‍යවරයා විසින් මෙහිදී නිරීක්ෂණය කරනු ලැබ ඇති අතර, සාම්ප්‍රදායික පොල් වගා ක්‍රමය තුළ පොල් පැළ සකසා ගැනීම සඳහා විශාල ඉඩකඩක් අවශ්‍ය වුවත් පර්යේෂණාගාරයේ අඟල් හයක් පමණ උස වීදුරු බටයක් තුළ සාර්ථකව පොල් පැළ වගා කර තිබූ අයුරු ඇමැතිවරයාට නිරීක්ෂණය විය.

මෙරට තැඹිලි සඳහා විශාල ඉල්ලුමක් ජාත්‍යන්තර වෙළෙඳපළෙහි පවතින බැවින් තැඹිලි පැළ නිපදවා ගැනීම සඳහා මෙම නව තාක්ෂණය භාවිත කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස මෙහිදී එම නිලධාරින් සමඟ සාකච්ඡා කළ ඇමැතිවරයා උපදෙස් ලබා දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඩුලු වර්ෂාවට හසු නොවුණ කුසල්ගේ ඉණිමෙන් ලංකාවට ඉණිමක ජයක් බලාපොරොතුවක්

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්!

කොළඹ LNW:දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo...

ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස කොල්ල කයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ්...

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...