සුපුන්ගේ හුදෙකලා සටනට විජයග්‍රහණයකින් කෙළවර වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 25 කොළඹ (LNW): නැමීබියා අවුරුදු 19 න් පහළ කණ්ඩායම ඉදිරියේ ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම ලකුණු 133 ට දැවී යාමෙන් ඉනික්බිතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ශෝකාලාප ගැයූ පිරිස් විශ්මයට පත් කරමින් ශ්‍රී ලාංකේය තරුණයෝ නැමීබියානු ඉණිම ලකුණු 56 දී සම්පූර්ණ තිරිංග යොදා නවතාලීමෙන් යශෝරාව නැංවූහ.නැමීබියාව මීට පෙර ඕස්ට්‍රේලියා තරගයේදී ද ලකුණු 95 ට දැවී ගිය අතර එහිදී ද ක්‍රියාත්මක වූ නැමීබියානු පන්දු යවන්නෝ ඕස්ට්‍රේලියාවට ලකුණු 96 ලබා දීමට පෙර කඩුලු 6ක් ම අත්පත් කර ගත්හ.

මේ නිසා මේ තරගයේදී ද ශ්‍රී ලංකා කණ්ඩායම නැමීබියානු පන්දු යවන්නන් පහසු පිරිසක් නොවන බව දැන තරගයට පිවිස සිටි අතර සිතූ ලෙසම ඔවුන්ගේ දරුණු ආක්‍රමණය ඉදිරියේ ශ්‍රී ලංකා පිතිකරුවන් සිතුවාටත් වඩා දරුණු ඛේදවාචකයකට මුහුණ දුන්නේය.එහෙත් කල්පනාකාරී සහ ආක්‍රමණශීලී පිතිකරණයක නියැලි සුපුනු වඩුගේ පළමු කඩුල්ල දැවිමෙන් ඉනික්බිති පිටියට පිවිස පන්දු 79 ට මුහුණ දෙමින් සටන්කාමී ලකුණු 56 ක් ගෙන නොදැවී සිටියේය.එය නොවන්නට ශ්‍රී ලංකානට මේ තරගයේ ලකුණු 100 යන්නද සමීප විය නොහැකි ලකුණු ගණනක් වෙන්නට තිබුණ බව පැහැදිළිය.

සුපුන්ගෙන් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය සුපුශ්පිත වන බව දැනෙන්නට ගත්තේ පන්දු යවන්නන්ගේ ක්‍රියාකාරීත්වයත් සමඟය.සුපුන්ගේ ලකුණු ප්‍රමාණය හෝ ඉක්මවා යන්නට ඉඩ කොදෙමින් ඕස්ට්‍රේලියාව ලබා දුන්නාටත් වඩා අඩු ලකුණු ගණනක් වූ 56 ට නැමීබියාව නවතා ගන්නට සමත් විය.ශ්‍රී ලංකාවට සහභාගි වූ තරග දෙකේදීම පහසුවෙන් ලකුණු අතරට ඒමට නොහැකි විය.සමහර තණතීරු අඩු ලකුණු සහිත තණතීරු වීමෙන් එක්දින තරගයකට අනන්‍ය ජීවගුණය අහිමි වීම මේ තරගාවලියේදී දකින්නට ලැබුණු දුර්වලකමක්ය.එහෙත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනයට දේශපාලනික අතපෙවීම් සිඳුවීම් නිසා අයිසීසීය විසින් සීමාවන්ට යටත් ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පනවා ඇති නිසාශ්‍රී ලංකාවේ පැවත්වීමට නියමිතව තිබූ තරගාවලිය සඳහා ක්ෂණිකව සූදානම් වන්නට සත්කාරක දකුණු අප්‍රිකාවට සිඳුවීමෙන් ඇති වූ අඩුපාඩු මේ ආකාරයට තණතීරුවල ගුණාත්මකභාවයේ අර්බූදයක් ඇති වන්නට හේතු වන්නට ඇත.

එසේම දකුණු අප්‍රිකාව ආසන්යේ බැවින් සිම්බාබ්වේ සහ නැමීබීයා කණ්ඩායම්වලට මේ තණතීරු,කාලගුණ තත්ත්වයන් යහපත් අතට පන්දු යැවීමේදි බලපානු ඇද්දයි යන්නද සමාජයේ අවධානය යොමු විය යුතු කාරණයකි.කෙසේ වුවත් මේ තරගයේ දී වැදගත්ම දේ නැමීබියානු පන්දු යවන්නන් ශ්‍රී ලංකා පිතිකරුවන්ට එරෙහිව පෑ විශිෂඨත්වය,ඊටත් ඉහළ විශීෂ්ඨ තත්ත්වයකින් ප්‍රදර්ශනය කරන්නට ශ්‍රී ලංකාවට හැකි වීමය.විශේෂයෙන් රුවිශාන් පෙරේරා සහ විශ්ව ලහිරු පිළිවෙලින් ලකුනු 19 ට සහ ලකුණු 3 ට කඩුලු තුන බැඟීන් ලබා ගැනීමය.තරගයේ වීරයා ලෙස මේ ජයග්‍රහණය පිටුපස අපූරු පිතිකරණයක නියැලි සුපුන් වඩුගේ නම් කෙරිණ.

ලකුණු විස්තරය ද මේ සමඟ දැක්වේ.→
https://www.espncricinfo.com/series/icc-under-19-world-cup-2023-24-1399722/namibia-under-19s-vs-sri-lanka-under-19s-12th-match-group-c-1399735/full-scorecard

ඡායාරූපයේ සිටින්නේ ලකුණු 3 ට කඩුලු 3 ක් දවා ගත් රුවිශාන් පෙරේරා ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...