*
Friday, May 3, 2024
spot_img

Latest Posts

ඩිජිටල් ආර්ථිකය ගැන පාරම්බෑවට මර්දනය ඔලුවේ තියාගෙන වැඩකරන ආණ්ඩුවක් මේක – චම්පික

කොළඹ LNW:සමාජ මාධ්‍ය ආරක්ෂණ පනත නියාමන පනතකට වඩා මර්දනීය පනතක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

එම විමර්ශන කොමිසමට අදාළව ලබා දී තිබෙන විමර්ශන බලය, අධිකරණ බලය ඉතාමත්ම භයානක පූර්වාදර්ශයක් බවටු මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

”ජනමාධ්‍යයටත්, සමාජ මාධ්‍යයටත් නියාමනයක් අවශ්‍යයි බොහොම පැහැදිලිව. ඒ වගේම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කියන්නෙත් පරම අයිතියක් නෙවෙයි. ඒක මූලික මානව අයිතිවාසිකම් වලට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අදහස් කරන නිර්නායකයන්ට අනුකූලව සිදුවිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම අද තියෙන ගැටලුව මේ පවතින ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යවලට යම් යම් ප්‍රශස්ත නියාමන ක්‍රමවේදයක් අඳුරගන්න පුළුවන් වුණාට, සමාජ මාධ්‍ය මේක කරන්න තියෙන අපහසුවෙන්. ඇත්තටම මේ ආණ්ඩුව කල්පනා කළ යුතුව තිබුණේ අද මේ රට පත්වෙලා තියෙන මූල්‍ය අගාධය දිහා බැලුවහම අනෙකුත් ලෝකයේ සියලුම රටවල් ඕ සී ඩී සම්මුතියට අනුව මේ ඩිජිටල් සර්විසස් වලින් බදු අය කරනවා. 15% දක්වා ඩිජිටල් සර්විසස් කරන අපේ රටේ ඒ විදිහේ ආයතන දාහතක් තියෙනවා. ඒ බදු අයකරන.

මේ පනතේ තිබෙන ප්‍රධාන ගැටලුව මේක නියාමන පනතකට වඩා මර්දනය දියත් කිරීම සඳහා කෙරෙන පනතක් බව. අපි දන්නවා මේ රටේ තියෙන නීති ඉතාම දරුණු විදිහට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, එහෙම නැත්නම් අයිසීසීපීආර් එක අවභාවිතා කරලා තියෙන ආකාරය, පොලීසිය බැලුවහම අද රටේ සිද්ධවෙන නීතිය අතට අරගෙන පොලීසියත් අනෙක් පිරිසත් ක්‍රියාත්මක වෙන ආකාරය දිහා බලනකොට ඉතාමත්ම බරපතල ප්‍රශ්නයක්. ඒ වගේම මේ විමර්ශන කොමිසමට අදාළව ලබා දීලා තියෙන කොමිසමට ලබා දීලා තියෙන විමර්ශන බලය, අධිකරණ බලය මේ මේ ක්‍රියාවලිය ඉතාමත්ම භයානක පූර්වාදර්ශයක් කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මේ ක්‍රියාවලිය කරන්න තිබුණේ 2017 දී මේ සේවා සපයන පිරිස් සමග අවබෝධතා ගිවිසුමක් ඇති කරගෙන අර වෙනත් රටවල ප්‍රජාතන්ත්‍රවාදී රටවල සිදුකළා වගේ, ඒ අවබෝධතා ගිවිසුමට අනුව යම් කාලයක නියාමනයක් සිදුකරගෙන, අපේ රටේ යම් යම් ආගමික ගැටළු ඇතිවෙන්න, පුද්ගලයින්ට මඩ ප්‍රහාර එල්ල කරන්න, එහෙම නැත්නම් චරිත ඝාතනය කරන්න, අද වෙනකොට මේ යටතේ ඉදිරි මැතිවරණයේදී එහෙම ඇතැම් අය නොකරන ලද ප්‍රකාශ ඔවුන් කළා යැයි කියලා ඉදිරිපත් කරන්න පුළුවන්. එවැනි තත්වයන් නියාමනය කරන්න, පාලනය කරන්න අවශ්‍යයි.”

මේ අතර ඩිජිටල් ආර්ථිකයක් ගැන කරන නමුත් ඒ හරහා අදායම් උපයා ගත හැක ආකරයක් ගැන ආණ්ඩුව සිත නොමැති බවද රණවක මහතා කියා සිටියි.

ඒ අනුව මෙම ඩිජිටල් සේවා හරහා බදු ආදායම් උපාය ගත හැකි බවද ඔහු පෙන්වා දෙයි.

”ඒ වගේම අපි මතක තියාගන්න ඕනේ අපි දැන් මේ ආර්ථිකය ගොඩනගා ගන්න යන අපි යෝජනා කරන්නෙත් මේ රටේ අනාගතය ගොඩනගන්නේ මේ යුගයක් ඇති කරන්න නම් ඒකට අවශ්‍ය කරන ඒ ප්‍රතිපාදනය රට තුළ වර්ධනය කරගන්න ඕනේ. ඒ වර්ධනය කර ගැනීමට මේ ආයතන එක්ක අපි ඇති කරගන්නා ගැටීම ඉතාමත්ම බරපතලයි. ඒ නිසා රජයට ආර්ථික පැත්තෙන් ඩිජිටල්කරණය ගැන කතා කළාට ඒ වගේම ආදායම් වැඩිකර ගැනීම සඳහා කිරිපිටි සීනි වලට බදු ගැහුවට විදුලියට. ඒ වගේම තෙල් වලට. ඒ ආකාරයට මේ සේවා සඳහා එවැනි බදු අයකර ගැනීමක් යෝජනා කර ගන්නවත් නොහැකි තත්වයක් තුළ මර්ධනයම ඔළුවේ තියාගෙන වැඩ කරනවා. ඒ වෙනුවෙන්ම කටයුතු කරන, ඒ වෙනුවෙන්ම පාරම්බාන ආකාරයේ මේ පාලනය ගමන් කිරීම නිසා අපි මේ පනත ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම මෙවැනි පනත් ගෙන ඒමට වඩා වැදගත් කාර්යයන් ගණනාවක් මේ ඩිජිටල් සේවා සම්බන්ධයෙන් ආණ්ඩුව සිදුකල එය සිදු කළ යුතු යැයි කියන එක අපි අවධාරණය කරනවා.” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

රණවක මහතා මෙම අදහස් පළකළේ ඊයේ (24) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan