පුරවැසියන්ගේ විරෝධය නොතකා සමාජ මාධ්‍ය පනත ගෙන ඒම කණගාටුයි – ඩලස්

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 25 කොළඹ (LNW): මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත විවාදයට එක්වෙමින් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසූවේ, සමාජ මාධ්‍ය නියාමනය මුවාවෙන් දේශපාලන කටයුතු කිරීම අති භයානක බවයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසූවේ ඊයේ (24) පාර්ලිමේන්තුවේදීය .

තවදුරටත් මන්ත්‍රීවරයා කියා සිටියේ,

” පාර්ලිමේන්තුව වාර අවසාන කරන්න තීරණය කළ ආණ්ඩුවක් ඊට පෙර හදිසියේ ජාත්‍යන්තරයේ, පුරවැසියන්ගේ විරෝධය නොතකා මේ පනත ගෙන ඒම කණගාටුයි. වර්තමාන ආණ්ඩුවේ අභිප්‍රායන් ආරක්ෂා කිරීමේ පනතක් විදියට මෙය හඳුන්වන්න පුළුවන්. මෙම පනත සම්මත කිරීම නිසා මෙරට ඩිජිටල් ආර්ථිකය කඩා වැටෙන්නට හැකි බවට ඇමෂන්, මෙටා වැනි ඒකාබද්ධ ආයතන දහයක් අනතුරු අඟවා තිබෙනවා. 21 වැනි ශත වර්ෂය කියන්නේ සන්නිවේදනයේ ශත වර්ෂය. මෙරට ජනගහනය මිලියන 21.8ක් වෙනවා. ජනගහනය එපමණක් වුණාට තුන්කෝටි හැට ලක්ෂයක් ෆෝන් තිබෙනවා. මිලියන 14 ඉන්ටර්නෙට් භාවිතා කරනවා. මිලියන 8.5ක් ෆේස්බුක් භාවිතා කරනවා. මේ ලෝකයේ එක ප්‍රවණතාවක් තිබෙනවා. ඒ ප්‍රවණතාවත් එක්ක අපි ගමන් කරන්න ඕනෑ” ලෙස අලහප්පෙරුම මහතා කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...

LOLC ගැන අසත්‍ය ප්‍රචාර වැළැක්වීමට කොන්දේසි සහිත අධිකරණ නියෝගයක්

සටහන - රුවන් නෙළුගොල්ල LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සහ එහි ව්‍යාපාරික...

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද...