UNWTO හි උප සභාපති ලෙස ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති තේරී පත් වෙයි!

සටහන – නිපුනි ලියනගේ

ජනවාරි 25,
කොළඹ (LNW):එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ උප සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චාලක ගජබාහු පසුගියදා තේරී පත් විය.

සංචාරක හා තරඟකාරිත්වය පිළිබඳ කමිටුව (CTC) UNWTO හි තාක්ෂණික කමිටු වලින් එකක් වන අතර එය විධායක කවුන්සිලයේ අනුබද්ධ ආයතනයකි.

2013 මැයි මාසයේදී සර්බියාවේ බෙල්ග්‍රේඩ් හි පැවති විධායක කවුන්සිලයේ 95 වැනි සැසිවාරයේදී මෙම කමිටුව පිහිටුවන ලදී.

2013 දී එය පිහිටුවීමේ සිට, CTC සිය අවධානය ප්‍රධාන වශයෙන් යොමු කළේ “සංචාරක තරඟකාරිත්වය” යන මූලික සංකල්පය පිළිබඳවයි.

සංචාරක වටිනාකම් දාමයේ භාවිතා වන සංකල්ප, ආකෘති සහ මෙහෙයුම් අර්ථ දැක්වීම් හඳුනා ගැනීම, සංවර්ධනය කිරීම සහ සම්බන්ධීකරණය කිරීම ද මෙම ක්‍රියාවලියට ඇතුළත් කර ඇති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

“UNWTO යටතේ CTC හි උප සභාපතිවරයා ලෙස තේරී පත් වීමට ලැබීම ගැන තමා සතුටට පත්වන අතර හැකි උපරිමයෙන් එම කාර්යභාරයට සහයෝගය දැක්වීමට කටයුතු කරන බව” තම පත්වීම පිළිබඳව අදහස් දක්වමින් ගජබාහු මහතා මෙසේ පැවසීය.

මෙම අවස්ථාව නිසැකවම ගෝලීය වශයෙන් සංචාරක සංවර්ධනයේ වැදගත් මෙවලමක් වන තරඟකාරීත්ව භූ දර්ශනය තවදුරටත් සංවර්ධනය කිරීමට සහ වැඩි දියුණු කිරීමට වේදිකාවක් ලබා දෙනු ඇති බව ඔහු පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අග්බෝට කරදරයක්ද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ...

සිසුන්ගේ අධ්‍යාපනික බර ලිහිල් කිරීමට සැරසෙන අගමැති හරිනි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ අධ්‍යාපන...

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ කාන්තා වීරවරියන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකේය අභිමානය රැගෙන යන මානෙල් ජයසිංහ

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ කාන්තා වීරවරියන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකේය අභිමානය රැගෙන යන මානෙල් ජයසිංහ

රටපුරා විදුලිය විසන්ධි වීම ගැන පරීක්ෂණ වාර්තාව මාසයකින්!

කොළඹ LNW:දිවයින පුරා ඊයේ (17) දිනයේදී සිදුවූ හදිසි විදුලි...