චමරි එක වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 25 කොළඹ (LNW):”අතා නෙමෙයි ඇතා” චමරි අතපත්තු ගැන එහෙම කියන්නෙ භාතිය අර්ථනායක.ඒ වසරේ දක්ෂතම ක්‍රීඩිකාව බවට චමරි අතපත්තු පත්වීම ගැන ලියන සුබ පැතුම් සටහනක.

අපි මෑතක ඉදලා කියන දෙයක් තමයි දැන් චමරි බර අදින වැඩේ කරන අතරේම අලුත් ඇතින්නියො කිහිප දෙනෙක් හදන්නත් ඕනි.ඒ කියන්නෙ දැන් හෙණ්ඩුව ගන්නත් ඕනි.පුළුවන්නම් චුට්ටක් පස්සට අඩිය අරගෙන බැට් කරලා මැදපෙළත් හදන්න ඕනි කියන එක.

හැබැයි දැන් ලංකාවෙ ඉන්න වටිනාම ක්‍රිකට් තරුව කවුද කියලා ඇහැව්වොත් ක්‍රීඩකයන්ගෙ නම්වලට ඉස්සෙල්ලා චමරිගෙ නම කියන අය වැඩියි.ඉතිං ලෝකෙම සළකන ලංකාවෙ විශ්වාසය චමරි බව ඔප්පුවෙන සංඛේතයක් මිස මේ සම්මානය විශ්මයක් නෙමෙයි.ක්‍රිකට් විශ්වය විශ්මයට පත් කරපු ඇයට ලැබුණ,හිමි විය යුතුම සම්මානයට අපේ සුබ පැතුම්!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...

වසරේ පළමු දවසේම වෙඩිතැබීමක් – එක් අයෙකු මරුට. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ...