සත්ව සෞඛ්‍යය සඳහා වූ ලෝක සංවිධානයට වසර සියයක් සපිරේ!

සටහන – නිපුනි ලියනගේ

ජනවාරි 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සත්ව සෞඛ්‍යය සඳහා වූ ලෝක සංවිධානය (WOAH) වසර වසර සියයක නොසැලෙන කැපවීම සහ ලොව පුරා සත්ව සෞඛ්‍ය සහ සුබසාධනය ප්‍රවර්ධනය කිරීමේ සිය අභිමානය සමරයි. WOAH සත්ව සෞඛ්‍යය පිළිබඳ ගෝලීය අධිකාරිය බවට පත්වීම දක්වා වූ ගමනෙහි දිගු ඉතිහාසයක් පවතී.

1924 දී පිහිටුවන ලද, WOAH ආරම්භ කරන ලද්දේ එම කාලයේ මාරාන්තික සත්ව රෝගවලින් එකක් වන Rinderpest ට එරෙහිව සටන් කිරීම සඳහා ජාතීන් 28 ක් එක් වීමෙනි.

මෙම මුලපිරීම; සතුන් සහ ඔවුන්ගේ නිෂ්පාදන වල ඉහළ යන ජාත්‍යන්තර වෙළඳාම විසින් මතු කරන ලද අභියෝගයන්ට විසඳුම් ලබා දෙමින්, ජාත්‍යන්තර සත්ව සෞඛ්‍යය හා සුභසාධනය සඳහා WOAH හි භූමිකාව සඳහා අඩිතාලම දැමීය.

2011 දී, Rinderpest ගෝලීය වශයෙන් තුරන් කළ ප්‍රථම සත්ව රෝගය බවට පත් විය.

අද වන විට 1924 ජාත්‍යන්තර ගිවිසුමට අත්සන් කළ රටවල් 28 පසු කරමින් මේ වනවිට සාමාජිකයින් 183 දක්වා වර්ධනය වී ඇත.

2023 මැයි මාසයේදී, OIE (Office International des Epizooties) ලෙස කලින් හැඳින්වූ සංවිධානය, පුළුල් සන්නාමකරණයකට භාජනය වූ අතර එහි පොදු නාමය වන සත්ව සෞඛ්‍යය සඳහා වූ ලෝක සංවිධානය හෙවත් (WOAH) යන එහි කෙටි යෙදුම පෙළගැස්වීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එප්ස්ටයින්ගේ උපන්දින ලිපිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පැවරූ නඩුව අධිකරණය ඉවත දමයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

අද සිට බැංකු සහ මූල්‍ය කටයුතු රැසක් සඳහා TIN අංකය අනිවාර්යයයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේ සිට බැංකු...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...