ජූලි චන්ග් Online පනත ගැන “Twitter” සටහනක් තබයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 26 කොළඹ (LNW): පසුගිය දා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සම්මත කෙරුණු “මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිත භාවය” පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය සිය කණස්සල්ල පළ කර සිටියි.

“Online” පනත පිළිබඳ පනත මගින් ප්‍රකාශනයේ නිදහසට, නවෝත්පාදනයට සහ පෞද්ගලිකත්වයට එල්ල විය හැකි තර්ජන සේම බලපෑම් සම්බන්ධයෙන් “Digital” ආර්ථික සේවා සපයන සමාගම් සහ සිවිල් සමාජය ප්‍රධාන පාර්ශව කරුවන් ඉදිරිපත් කළ අදහස් සහ යෝජනා ඇතුළත් නොකර සම්මත කර ඇති එම පනත මගින් විශාල බලපෑමක් එල්ල විය හැකි යැයි ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මහත්මිය “Twitter” පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.

එම “Twitter” පණිවුඩයේ දැක්වෙන්නේ, මේ පනතෙහි අන්තර් ගත නොපැහැදිලි සහ දැඩි නීති හේතුවෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය ආර්ථික වර්ධනය අඩාල වී ආයෝජනයට සහ “Digital” ආර්ථිකයේ සංවර්ධනයට බාධාවක් එල්ල විය හැකි අතර එමගින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී වටිනාකම් ද  අනතුරට පත් වනු ඇති බවයි. 

ජූලි චන්ග් මහත්මිය නිකුත් කර ඇති එම “Twitter” පණිවිඩයේ වැඩි දුරටත් සඳහන් වන්නේ, එම නිසා විනිවිධ භාවයට ප්‍රමුඛත්වය දී කිසිදු නීති සම්පාදනයක් මගින් ජනතාවගේ හඬ යටපත් නොකරන බවට සහතික වන ලෙස ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ අයවැය හාරන්න හාරන්න රත්තරන් මතුවෙන ආකරයක් වගේ – මාලිමා මන්ත්‍රී චමින්ද

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්...

ටයිටැනික් නෞකාවේ කුඩා මගී ඔරලෝසුවක් පවුම් මිලියනයකට මිල නියම කෙරේ

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ටයිටැනික් නෞකාවේ...

නැඟී එන ආසියානු තරු අතරට කටාර් හී දී එක්වන ශ්‍රී ලංකා තරු

නිශ්මං රණසිංහ නොවැම්බර් 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ඒ කණ්ඩායම...

පකිස්තානයේ බෝම්බ ලංකාවේ ක්‍රිකට්වලට අටවන්න හදන දේශපාලනය

නිශ්මං රණසිංහ නොවැම්බර් 14, කොළඹ LNW: බෝම්බ පිපිරීම නිසා මේ...