ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාගයට ගැනේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 26 කොළඹ (LNW): පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (26) ආරම්භ විය.

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 27 ක් ලැබී ඇති බව සඳහන් වේ.

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් මෙසේ පෙත්සම් ගොනු කළා. ඒවායේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇත.

යෝජිත පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර ඇති මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බැවින් ඒවා සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයක් මෙන්ම ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන්නැයි ඉල්ලා පෙත්සම් ගොනු කර තිබෙන බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානුෂීය ආධාර ඩොලර් බිලියන 2 දක්වා දැවැන්ත කප්පාදුවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් ප්‍රතිසංස්කරණ ඉල්ලා...

බීමතින් රිය පදවන අයට නීති දැඩි වෙයි. කරමුලටම හිර කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉදිරියේදී බීමත්ව සහ අපරික්ෂාකාරීව රිය ධාවනය කළහොත්...

අඩුම පන්දු ගණනකින් තීරණය විසදුණ ටෙස්ට් තරග

නිශ්මං රණසිංහ දෙසැම්බර් 29, කොළඹ LNW: අවශ්‍යයතා ඇති අයට ත්‍යාග...

ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු ” කුෂ්” මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: අද (29) දින උදෑසන...