සටහන – රෂිකා හෙන්නායක
ජනවාරි 26 කොළඹ (LNW): ලිට්රෝ ගෑස් සමාගම රුපියල් බිලියන 7ක ලාභයක් ලබා ඇති බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.
අද (26) පැවති මාධ්‍ය හමුවක දී ඔහු සඳහන් කළේ, 2023 වසරේ දී ලාභාංශ ලෙස රුපියල් බිලියන 1.5ක් මහා භාණ්ඩාගාරය වෙත ලබාදෙන බවයි.
වැඩිදුරටත් ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ, 2023 ඔක්තෝබර් මාසයේදී ද රුපියල් බිලියන 1.5ක ලාභාංශ මහා භාණ්ඩාගාරය වෙත ලබා දී අතර ඒ අනුව 2023 වසරේ රුපියල් බිලියන 3ක ලාභාංශ මේ වන විටත් මහා භාණ්ඩාගාරය වෙත ලබා දී ඇති බවයි.