අශෝක ජයතුංග
ජනවාරි 27 වොෂින්ටන් LNW : 👺කපටි නරියා ඡන්ද සටන තවම කරට නොගැනීම ….?
👺පාර්ලිමේන්තුව කල්තබා නටන තොවිලය….?
👺පිටරට මගුල් හා මළ ගෙවල් පේන්න බැරි රනිල්….?
👺ලංකාව බංකොලොත්ව තිබියදී පලස්තීනය ගොඩනැගීම
👺උගන්ඩා පැටවූ රනිල් විරෝධී මන්ත්‍රීවරු…..?
👺මුල්වරට ඇමෙරිකාවෙන් ලංකාවට සම්මානයක්….?
“රනිල් ට පිටරට මඟුල් හා මළ ගෙවල් පෙන්නන්න බෑ.එයා ජනාධිපතිකම රස විඳිනවා” ජවිපෙ අනුර කීදේ මතුපිටින් බැලූවිට හරිය. එහෙත් ගැඔුරින් බලන අය ට එය විහිළුවකි. ලෝකය තුළ ද සියල්ල කෙරෙනුයේ හිතවත්කම් හා දැනහැදුනුම්කම් මත බව කේරුම් ගන්නට කෑගහන බොහෝ අයට අත්දැකීම් නැත.
ඩාවෝස් ආර්ථික සමුළුව වැදලා එන ගමන් රනිල් නොබැදි සමුළුවට උගන්ඩා ගියේය. ඊට ආර්ථික විශේෂඥ දිනේෂ් වීරක්කොඩි ද ගියේය. ඔහු ඩාවෝස්හිදී විශේෂ කාර්යභාරයක් ඉටු කළේය.
ජනපති ලේකම් සමන් හා ප්රවෘත්ති අධ්යක්ෂ දිනිත් රැගෙන ගිය මන්ත්‍රී රොත්ත ඩුබායිහිදී රනිල් ගිය යානයටම පැටවීය. සජබ කීත් නෙල්සන් වීරවංශ ගේ නිමල් පියතිස්ස හා උදයකාන්ත ඒ අතර වූහ. පාර්ලිමෙන්තු ජනපති ඡන්දයේදී රනිල්ට එරෙහිව ඔවුහු ඡන්දය දුන් බව අනුමාන කෙරෙන පිඑිසක්වීම කැපී පෙනේ.
දුමින්ද සිල්වාට අදාළ තීන්දුව දුන්නේ එදාය. තීන්දුවේ පිටපතක් අවශ්‍ය බව ජනපති කීවේ සමන් හා දිනිත්ට ය. රාත්‍රියේ ඉන්දියානු අවන්හලකට ගිය විට අල්ලපු මෙිසයේ සිටියේ ඉන්දියානු විදේශ ඇමති ජයශංකර්ය. කන බොන අතරේ ඔහු සමග ද උස් හඬින් කතාබහක් සිදුවිය.
ජී 77 සමුළුවට ද රනිල් ගියේය. විවේකයේදී රාජ්‍ය නායකයින් හා විදේශ ඇමතිවරු හමුවට ගොස් කතා කළේය.
“පලස්තීනය වසර 05 කින් ගොඩනගන්න. මැදපෙරදිග රටවල සහාය ගන්න” රනිල් පලස්තීන විදේශ ඇමති දිරිමත් කළේය. ඊට පෙර පිටකොටුව බස් නැවතුම හදන්න කතා කරන්නැයි සමාජ මාධ්‍ය ප්‍රහාර දියත් විය.
අප්‍රිකානු රටවල නායකයන් කිහිප දෙනෙක් ජනපතිගෙන් හමුවීමට වෙලාව ඉල්ලීය.
“මේ රටවල් හුගකට ජිනීවා මානව හිමිකම් එකේ ඡන්ද තියෙනවා. මහ රෑ හරි ඔවුන් හමුවෙමු” කපටි නරියා සමන් හා දිනිත්ට කීවේය.
උගන්ඩා ලංකා තානාපති ගේ රෑ කෑමට තමිල්නාඩු දෙමළ ව්‍යාපාරිකයන් ද පැමිණියහ. ඇමති චාමර ඔවුන් හා දෙමළ බසින් උස්හඬින් කතාකිරිම ජනපතිද ඉවසා වැදෑරුවේ තොල් විකාගත් සිනහවක් සමඟිනි.
“අපේ මැණික් බිස්නස් අයට ටියුනීසියාවේ බිස්නස් කරන්න අල්ල ගත්තොත් රටට වාසියි” චාමර හා කීත් නෙල්සන් කීය.
සමුළුවට ආ එරට ජනපති හමුවී විනාඩි 05 කින් ප්‍රශ්නයට විසදීමට ජනපති රනිල් ක්‍රියා කළේය.
කීත් නෙල්සන්ගේ කාමරය අවට ලංකා දූත පිරිස සැරිසරන බවට රනිල්ට ද ආරංචි විය.
“එයා කරවල බැඳුමක් ගෙනැත්. ඒකට හැමෝම වහ වැටිලා”දිනිත් කීවිට රනිල් කොක්හඩලෑවේය. ජනපති යළි ලංකාවට ආවේ දින 11 කිනි.
රනිල් ලග එන ඡන්ද කරට නොගැනීම හා රටයාම හුග දෙනෙකුට ගැටලුවකි.
“ලොක්ක ඉල්ලන්නෙ නැතුව ඉදිවිද. නැතිනම් අන්තිම ඕවර වලට හයේ ඒවම ගහන්න ඉන්නවද දන්නෙ නෑ. ඊට හොද නැද්ද දැන් ඉඳලම ලකුණු 1 – 2 ගහන එක” සමහරු කියන්නේ එහෙමය.
ජනපති පාර්ලිමේන්තුවේදී කැබිනටි හමුව නිමවා පැමිණෙද්දී මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් හමුවිය.
” ආ….දෙමළ සන්ධාන නායකයා එන්න” යයි ඔහු කැදවාගෙන ගිය ජනපති අපූරු යෝජනාවක් කළේ ශ්‍රීධරන් දෙමළ නායකයා කිරීමට ඔහු කැපවූ බැවිනි.
“උතුරේ සංවර්දනයට ඩයස්පෝරා සහාය ගන්න” ජනපති කීවේය.
සමාජ මාධ්‍ය පනතෙන් පාර්ලිමේන්තුව ගිණි ගත්තේය. පනත කල් දමන්නැයි විපක්ෂය මරහඩ දුන්නේය. ඡන්දයකින් පනත වාද කිරීමට තීන්දු විය.
“2023දි සමාජජාලා ගැන පැමිණිලි 8000 යි. ලිංගික කරදර 669 යි. නිරුවත් පොටෝ පැමිණිලි 506 යි. මේවා නවතන්න ඔින නැද්ද” ඇමති ටිරාන් කෑගැසුවේය. එහෙත් පනතේ වගන්ති 57 න් සමාජ ආරක්ෂණයට ඇත්තේ වගන්ති 02 ක් බව විපක්ෂය හඬ නැගුවේ මෙය විපක්ෂ මතවාද මර්දනයට ගෙනෙන එකක් ලෙසය.
තවද සුමන්තිරන් පනතට එරෙහිව කතාකල පසු නීතිපති හා පිරිසක් ඔහු හමුවී මතුකල තර්ක වලට දුන් පිළිතුරු ඔහුට පිළිගැනීමට සිදුවූ බව ද ආරංචිය.
“අපේ ඔන්ලයින් පනතට ලෝක සමාගම් විරුද්ද වුණාට ඉන්දියාව එංගලන්තය සිංගප්පූරුව ගේන කොට එහෙම නොකළේ ඇයි” ආශු කී විට ජනපති ද ඊට හුම්මිටි තිබ්බේය.
“ඔය පනත රටට අවශ්‍ය බව කෑගහන අයත් දන්නවා. සමාජ මාධ්‍ය වලින් මඩ ගැහීම, අපහාස කිරීම රැකියාව කරගත් අයයි විපක්ෂයයි විතරයි විරුද්ද. කාන්තාවන් දරුවන් වෙනුවෙන් මේක ගේන්නේ” රනිල් ඇදලා ඇරියේය.
පසුගියදා සජබ මන්ත්‍රී පිරිසක් ද ජනපති හමුවූ බව කියවේ. මහාචාර්ය ආශු එහි මැදිහත්කරු බවද කියවේ.
මේ අතර ශ්‍රීලංකාව න්‍යෂ්ටික අවි වලට එරෙහි ප්රඥප්ති අත්සන් තැබීම හා ලෝක සාමයට මෙන්ම මානවයාගේ රැකවරණයට කැපවීම ගැන ඇමෙරිකාවේ CPSR වෙතින් අගැයිම් සමිමානයක් හිමිවූ අතර රට වෙනුවෙන් වොෂින්ටන් තානාපති මහින්ද සමරසිංහට එය බාරදීමට සැලසඅම් කර තිබිණ. ඔහු වෙනුවෙන් ඉහළ තානාපති නිළධාරීන් වන රොහාන් අඔගොල්ල හා චතුරි පෙරේරා එය පිළිගත්හ.
බානගල හිමිගේ විහාරයේ රන්වැට විවෘත කොට එන අතරේ ජනපති මියගිය සනත් නිශාන්තගේ නිවසට ද ගියේය.
24 දා කපටි නරියා පාර්ලිමේන්තුව කල් තැබුවේය. කාරක සභා 11 ක් අහෝසි විය. පෙබරවාරි 07 පාර්ලිමේන්තුව ඇරඹෙන විට ප්‍රතිපත්ති එළියට එනු ඇත. ඉන්පසු නටන තොවිලයේ හැඩරුව දන්නේ ඔහුම පමණකි.
