පෘතුගාලයේ ශ්‍රී ලංකා තානාපතිනි මනීෂා ගුණසේකර එරට ජනාධිපති වෙත අක්තපත්‍ර පිළිගන්වයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 27 කොළඹ (LNW): පෘතුගාලයේ ජනාධිපති මාර්සෙලෝ රෙබෙලෝ ද සෝසා මහතා වෙත එරට ශ්‍රී ලංකා තානාපතිනි මනීෂා ගුණසේකර මහත්මිය අක්තපත්‍ර පිළිගන්වා ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ, එරට ලිස්බන් නගරයේ පිහිටි ඵෙතිහාසික බෙලෙම් මන්දිරයේ දී ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර පිළිගන්වා තිබෙන බවයි.

අක්තපත්‍ර පිළිගැන්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා තානාපතිනිය සහ පෘතුගාල ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙන අතර එහිදී ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උණුසුම් සුබපැතුම් පිළිගන්වා තිබේ.

අක්තපත්‍ර ප්‍රදානෝත්සවයෙන් අනතුරුව, අජුඩා ජාතික මාලිගයේ දී පවත්වා තිබෙන සාම්ප්‍රදායික අලුත් අවුරුදු සුබපැතුම් රාත්‍රි භෝජන සංග්‍රහය සඳහා පෘතුගාලයට ප්‍රතීතනය කරන ලද නේවාසික සහ අනේවාසික තානාපතිවරුන් වෙත ආරාධනා කර තිබෙන අතර ඒ සඳහා එරට ජනාධිපතිවරයා සත්කාරකත්වය දී ඇත.

ඊට අමතරව පෘතුගාල විදේශ ඇමැතිවරයා විසින් පිරිනැමූ දිවා භෝජන සංග්‍රහයකට ද ශ්‍රී ලංකා තානාපතිනිය ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් සහභාගි වී තිබේ.

පෘතුගාලයට පැමිණි පසු, ඒ මහත්මිය, ඇයගේ අක්තපත්‍ර ලිපිවල විවෘත පිටපත පෘතුගාල විදේශ අමාත්‍යාංශයේ නියෝජ්‍ය මහලේකම් ෆර්නැන්ඩා කොයිලෝ වෙත පිරිනමා තිබේ.

මේ අතර තානාපතිනි මනීෂා ගුණසේකර මහත්මිය පෘතුගාලයේ විදේශ කටයුතු හා සහයෝගීතාව පිළිබඳ රාජ්‍ය ලේකම් ෆ්‍රැන්සිස්කෝ ඇන්ඩ්‍රෙ, විදේශ ප්‍රතිපත්ති පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් රුයි වින්හාස්, ආසියා සහ ඕෂනියා අධ්‍යක්ෂ විටර් මර්සෙලින් යන මහත්ම මහත්මීන් හමුවී තිබෙන අතර ශ්‍රී ලංකාව සහ පෘතුගාලය අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම ඇතුළු වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු කර ඇති බවද සඅහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා සහන වැඩසටහනක් පන්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදා හේතුවෙන් සෘජු බලපෑමට...

දුබල නැති බව කී දුලබ උදුම්බරා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: උදුම්බරා පිපෙන්නේ තුසිතයේ බව...

වියට්නාම්-ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය හමුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ලංකා වාණිජ මණ්ඩලය...

මියන්මාර හමුදාවේ රෝහල් ඉලක්ක කර හෙලූ බෝම්බ ප්‍රහාරය බොහෝ පිරිස් හෙලා දකී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාර හමුදාව පවසන්නේ...