මහ කොමසාරිස් මොරගොඩ රාෂ්ට්‍රීය ස්වයම්සේවක් සංඝයේ (RSS) ප්‍රධානියා හමුවෙයි

Date:

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා 2022 පෙබරවාරි 24වැනි දින රාෂ්ට්‍රීය ස්වයම්සේවක් සංඝයේ(RSS)ප්‍රධානී ශ්‍රී මෝහන් භගවත් මහතා හමුවිය. මෙම හමුව මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නාග්පූර් හි පිහිටි RSS මූලස්ථානයේදී පැවැත්විණි. ‘ජාතික ස්වේච්ඡා සංවිධානය’ යන නමින් හඳුන්වනු ලබන රාෂ්ට්‍රීය ස්වයම්සේවක් සංඝය,මිලියන 5-6 ක්දක්වා වූ පිරිසකගේ සාමාජිකත්වයකින් සමන්විත විශාල වූත් පුළුල් වූත් ඉන්දියානු හින්දු ස්වේච්ඡා සංවිධානයකි.

RSS සංවිධානයේ ප්‍රධානියා හෙවත් “සර්සංචලක්” නමින් හැඳින්වෙන ශ්‍රී මෝහන් භගවත් මහතා, මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා ඉතා උණුසුම් ලෙස පිළිගත්තේය.මෙම හමුවේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන දෙරට අතර, විශේෂයෙන්ම බුදුදහම සහ හින්දු දහම අතර පවතින ඉපැරණි සංස්කෘතික හා ආගමික සබඳතා ඇතුළු පුළුල් පරාසයක කරුණු සාකච්ඡා කෙරුණු අතර, ඉන්දියාවෙන් බිහි වූමෙම විශ්වීය ආගම් දෙක සම්බන්ධයෙන් සංවාදයක් පැවැත්විය හැකි ක්‍රම සහ විධි පිළිබඳව ගවේෂණය කෙරිණි. එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මෙම හමුවට සහභාගී වූහ.

මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා විසින් RSS සංවිධානය වෙත විශාල රාමු සහිත ඡායාරූප දෙකක් තිළිණ කරන ලදි. මෙම ඡායාරූපවලට කැලණිය රජමහා විහාරයේ ඇති බිතු සිතුවම් දෙකක් ඇතුළත් වන අතර, එමඟින් ඉන්දියාව ශ්‍රී ලංකාවට බුදුදහම දායාද කළ ආකාරය නිරූපණය කෙරේ.මෙම ඡායාරූප අතරින් පළමුවැනි ඡායාරූපය මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ අවස්ථාවේ දී දේවානම්පියතිස්ස රජුට බුදුන් වහන්සේගේ පණිවිඩය දේශනා කළ අයුරු දැක්වෙන බිතු සිතුවමක් නිරූපණය කෙරෙන අතර, දෙවැනි ඡායාරූපය මගින් සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛා අංකුරය ශ්‍රී ලංකාවට වැඩම කරන අයුරු දැක්වේ.

මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා මෙම හමුවට පෙර, රාෂ්ට්‍රීය ස්වයම්සේවක් සංඝයේ නිර්මාතෘ, දිවංගත ආචාර්ය කේෂව් හෙඩ්ගේවාර් මහතාගේ ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීය. තවද, එතුමා තිළිණ කළ ඡායාරූප දෙක ආචාර්ය හෙඩ්ගේවාර් ස්මාරක් සමිති (හෙඩ්ගේවාර් අනුස්මරණ කමිටුව) ගොඩනැගිල්ලේ දී, කමිටුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවේ නිරාවරණය කළේ ය.

හින්දු ජාතියක් නිර්මාණය කිරීමේ අරමුණින් 1925 සැප්තැම්බර් 27වැනි දින නාග්පූර් හි දී ආචාර්ය කේෂව් බලීරාම් හෙඩ්ගේවාර් මහතා විසින් ආරම්භ කරන ලද RSS සංවිධානය, ඉන්දියානු සංස්කෘතිය සහ සිවිල් සමාජයේ වටිනාකම් ආරක්ෂා කිරීමේ පරමාදර්ශී ලක්ෂණ ප්‍රවර්ධනය කරන අතර, හින්දු ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා හින්දු මතවාදය ව්‍යාප්ත කරයි.

ශ්‍රී මෝහන් භගවත් මහතා රාෂ්ට්‍රීය ස්වයම්සේවක් සංඝයේ 6 වැනි සර්සංචලක්වරයා වේ. එතුමා 2009 වර්ෂයේ සිට මෙම තනතුර හොබව යි.


ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නවදිල්ලිය 2022 මාර්තු 07 වැනි දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...