ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මාධ්‍ය අධ්‍යක්ෂ මාධ්‍යවේදී ප්‍රභාත් මාතරගේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 30 කොළඹ (LNW): ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රභාත් මාතරගේ මහතා පත් කර තිබේ. ඒ ශ්‍රීලනිප සභාපති, හයවන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.

මේවන විට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය අධ්‍යක්ෂවරයාද වන්නේ ප්‍රභාත් මාතරගේ මහතායි‍‍‍. ඔහු ප්‍රවෘත්ති කර්තෘවරයෙකු ලෙසත් ජංගම දුරකතන කෙටි පණිවුඩ පුවත් සේවා මෙහෙයවීම, ඩිජිටල් මාධ්‍ය මෙහෙයුම් සහ වෙබ් සංස්කාරකවරයෙකු ලෙසත් කටයුතු කර තිබෙන අතර ජනාධිපති කාර්යාලය ඇතුළු පෞද්ගලික ඩිජිටල් මාධ්‍ය ආයතන රැසකද තනතුරු හොබවා ඇති අතර අත්දැකීම් බහුල, පළපුරුදු සහ පරිණත මාධ්‍ය පරිපාලකයෙකි.

ප්‍රභාත් මාතරගේ මහතා කොළඹ විශ්ව විද්‍යාලයෙන් සිය උසස් අධ්‍යාපන හදරා ඇති අතර පරිගණක විද්‍යාව සහ විද්‍යුත් මාධ්‍ය කළමණාකරණය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙක් ද වේ.

ඔහු හෝමාගම මහා විද්‍යාලය, හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය සහ හොරණ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...

ලොවක් ආදරය කළ විනිසුරු ෆ්‍රෑන්ක් කැප්‍රියෝ සිය අවසන් හුස්ම හෙළයි!

සටහන – පුලී අගෝස්තු 21, කොළඹ (LNW): අග්න්‍යාශ පිළිකාවක් සමඟ දිගුකාලීනව...