ශ්‍රී ලංකාවේ IMF මත යැපෙන ඉහළ බදු ක්‍රමය රටේ ආර්ථිකය තවත් දුර්වල කරයි – Dr. Tom G. Palmer

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 31 කොළඹ (LNW): ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) උපදෙස් අනුගමනය කරන වත්මන් ශ්‍රී ලංකාවේ ඉහළ බදු ක්‍රමය මත දැනට පවතින අවිධිමත් ආර්ථිකය තවදුරටත් ඉහළ නැංවිය හැකි බවත්, එමඟින් ආර්ථික යහපත් අතට හැරීම මන්දගාමී වන බව ඇට්ලස් නෙට්වර්ක් විධායක උප සභාපති (ජාත්‍යන්තර වැඩසටහන්) ආචාර්ය ටොම් ජී. පාමර් මහතා ( Dr. Tom G. Palmer) අනතුරු අඟවයි.

ණය අර්බුදයේ ගිලී සිටින රටවල් සරල අඩු බදු අනුපාතිකයක් අනුඅගමනය කරමින් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරන ලද ඉහළ බදු අනුපාතයක් ප්‍රතික්ෂේප කිරීමෙන් අර්බුදයෙන් මිදී ඇති බව ඔහු පවසයි.

කොළඹ පැවති Advocata ආයතනය විසින් සංවිධානය කරන ලද ආර්ථික නිදහස් සමුළුවේ පැවති විද්වත් සාකච්ඡාවකදී ආචාර්ය පාමර් මහතා මෙම අදහස් පළ කළේය.

Dr. Tom G. Palmer


ණය ගෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරන ලද ඉහළ බදු පැනවීමට එරෙහිව ග්‍රීක ආන්ඩු ව ගත් නිර්භීත තීරණය හමුවේ, අවසානයේ සංචාරක අංශය මත යැපෙන ආර්ථිකයක් වර්ධනය වීමටත් බදු පදනම පුළුල් කිරීම හේතුවෙන් බදු එකතු කිරීම වැඩි කිරීමටත් හේතු වී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එබැවින් බදු අය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නිර්භීත සහ ඍජු තීරණ ගන්නා ලෙස ඔහු ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේය.


දූෂණය අවම කිරීම සඳහා රාජ්‍ය අංශයේ අතිරික්ත නිලධරය කපා හැරීම සහ ඩිජිටල්කරණය සමඟ අඩු බදු අනුපාතයක් තිබිය යුතු බව ද ආචාර්ය පාමර් අවධාරණය කළේය.

හිටපු යූඑස්එස්ආර් ජාතිය වන ජෝර්ජියාව මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ දූෂණයට හා මානව හිමිකම් උල්ලංඝනයන්ට ගැඹුරට වැටී ඇති එහි සමස්ත පොලිස් බලකාය ප්‍රතිසංස්කරණය කර ප්‍රතිස්ථාපනය කිරීමට සමත් වූ බව ඔහු පෙන්වා දුන්නේය.

එවැනි නිර්භීත ප්‍රතිපත්ති අනුගමනය කරමින් ක්‍රියා කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගත හැකි බව ඔහු අවධාරණය කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය