ඉම්රාන් ඛාන්ගේ සිර දඩුවම වසර 14ක් දක්වා දීර්ඝ කෙරේ.

Date:

සටහන – සශිකලා මධුෂාණී

ජනවාරි 31, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පෞද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා රාජ්‍ය ත්‍යාග නීති විරෝධී ලෙස විකිණීම සම්බන්ධයෙන්
පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ බුෂ්රා බීබී වෙත වසර 14ක සිර දඩුවම් එරට අධිකරණය විසින් නියම කර ඇති බව වාර්තා වේ.

ඛාන් අත්අඩංගුවට ගත් පසුගිය අගෝස්තු මාසයේ සිට මේ දක්වා රැඳවුම් භාරයේ සිටින අතර අද(31) තීන්දුවෙන් අනතුරුව ඔහුගේ බිරිඳ බුෂ්රා බීබී පොලීසිය වෙත භාර වී තිබේ.

මෙම අධිකරණ තීරණයෙන් අනතුරුව හිටපු අගමැතිවරයා ද වසර 10 කට රජයේ නිලතල දැරීමෙන් නුසුදුස්සකු වන අතර ඔහුට පෙබරවාරි 8වන දින පැවැත්වීමට නියමිත මහමැතිවරණය මගහැරේ.

2022 දී ඛාන් විරුද්ධවාදීන් විසින් අගමැති ධුරයෙන් නෙරපා හරින ලද දා සිට නොයේක් චෝදනාවන්ට ලක් වූ අතර ඔහු දිගින් දිගටම පවසා ඇත්තේ තමාට එරෙහිව ඇති බොහෝ නඩු දේශපාලනික අභිප්‍රේරිත ඒවා බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වනජීවී ඡායාරූපකරණයෙන් ජනතා තේරීමේ සම්මානය මෙවර කාට හිමි වේ ද?

සටහන – පුලී පෙබරවාරි 09, LNW (කොළඹ): වසරේ වනජීවී ඡායාරූප...

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...

‘ඓතිහාසික’ ජයග්‍රහණයෙන් පසු බදු කප්පාදු ඉටු කිරීමට ජපානයේ Takaichi ප්‍රතිඥා දෙයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ පැවති...