අමාත්‍ය කෙහෙළිය CID අත්අඩංගුවට!

0
189

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 02 කොළඹ (LNW): පැය 10කට අධික කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව , අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ආන්දෝලනාත්මක ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ආනයනය කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

අද (02) පෙරවරුවේ, ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වූ බවට වන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා, කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබුණි.