යුක්තියට දින 48ක් ගෙවෙද්දී 55000 ඉක්මවා පොලිස් දැලේ!මිලියන 7000කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයකුත් පොලිස් භාරයට!

Date:

කොළඹ LNW:යුක්තිය මෙහෙයුමට දින 48ක් ගතවෙන විට සැකකරුවන් 55000කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.

ඒ අනුව 2023.12.17 වන දින සිට දින 48 ක කාලයක් දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 48,410 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 6,730 ක් සමගින් මුළු සැකකරුවන් 55,140 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර විශාල මත්ද්‍රව්‍ය තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

හෙරොයින් 142kg 220g
අයිස් 208kg 026 g
කොකේන් 974g 605 mg
අබිං 49 kg 200 g
හෂීස් 07 kg 208 g
ඈෂ් 36 kg 800 g
ගංජා 950 kg 680 g
ගංජා පැල 41,290,24
මාවා 155 kg 852 g
තූල් 07 kg 100 g
කුෂ් 02 kg 039 g
මදන මෝදක 19kg 658g
මත්පෙති 360,585 ක්

අත්අඩංගුවට ගෙන ඇති මුළු මත්ද්‍රව්‍යවල වෙළදපල වටිනාකම මිලියන 6,995 කට ආසන්න බව සඳහන්.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 48,410 දෙනා අතරින් සැකකරුවන් 1,812 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් 1,974 ක් පුනරුත්තාපනය සදහා යොමු කර ඇත.

නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කළ සැකකරුවන් ගණන 234 ක් වන අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 3,068 ක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

තහනමට ගත් දේපලවල වෙළදපොළ වටිනාකම මිලියන 726 කට ආසන්න බව අනාවරණය වී ඇත.

එසේම අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 6,730 දෙනා අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 1,096 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 5,060 ක්ද සිටි.

ඇගිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 261 ක් සහ අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 313 ක්ද මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය!

කොළඹ LNW:ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති...

බස් ගාස්තු අඩුවෙන්නේ මෙහෙමයි!

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : අද (04) දිනයේ සිට...

කොළඹ මහ නගර සභාවේ ආදායම් උපයන්න අලුත් වැඩක්!

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අදායම් උත්පාදනය ඉහළ නැංවීමේ...

වැඩබලන පොලිස්පතිගේ අලුත් නියෝගය!

කොළඹ LNW:කිසියම් පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ලබාගැනීම සඳහා පුද්ගලයකු කැඳවනවිට...