චරිත හේරත්, කොත්තුවට නෙවෙයි වඳ කොත්තුවට පේටන්ට් ගමුත … ?

Date:

කොත්තු රොටී යනු ශ්‍රී ලාංකිකයින් සොයාගත් ආහාරයක් බැවින් අප ඊට පේටන්ට් බලපත්‍රයක් ලබාගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය චරිත හේරත් මහතා ඊයේ (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබිණි.

“අපි හැමදෙනාම පීට්සා හට් ගිහිලා පීට්සා ගන්නවා. අපි පීට්සා කඩෙන් පීට්සා ගත්තාට ඒකෙ පේටන්ට් එක තියෙන්නෙ ඉතාලියට. නමුත් අද අපේ රටේ අපි නිර්මාණය කරපු ආහාර දාමයක් තියෙනවා කොත්තු කියලා. මං මේ කියන්නෙ මේක ඉතා වැදගත් කාරණයක්. ලෝකෙ කවදාහරි අපි පීට්සා කනවා වගේ වැරයිටි ඔෆ් කොත්තු, නැත්නම් විවිධකරණ වූ මේ ආහාරය යන්න පුළුවන්. අපේ රටේ මඩකලපුවෙන් මේක ආරම්භ වුණායි කියලා තමයි අපි පිළිගන්නෙ. නමුත් කවුරුවත් අද වෙනකල් පේටන්ට් අයිතිය මේ ආහාරයට අරගෙන නෑ. අද අපේ විවිධ වර්ගයේ කොත්තු තියෙනවා. ලෝකෙ දියුණු රටවල්වලත් මේක තියෙනවා. මේකෙ පේටන්ට් අයිතිය ලංකාවටත් නෑ, වෙන රටකටත් තියෙනවාද කියලා මම දන්නෙ නෑ. අපට එහෙම නීතියකුත් නෑ ජාත්‍යන්තර වශයෙන් මේක ලබාගන්නෙ කොහොමද කියලා. මම මේ කියන්නෙ පීට්සාවලට කොත්තු රිප්ලේස් කරනවා කියන එක නෙවෙයි. නමුත් අපේ රටේ රෙසිපි එකකට, අපි හදපු කෑම වේල, මඩකලපුවෙන් ආරම්භ වෙච්ච කෑමවේල අද අයිස්ක්‍රීම් කොත්තුව දක්වා වර්ධනය වෙලා තියෙනවා. මේක වෙනස් වූ ආහාර දාමයක් වෙලා තියෙනවා. හැබැයි මේකෙ පේටන්ට් අයිතිය අපට නෑ. එහෙම නැතිවෙලා තියෙන්නෙ මේක සම්බන්ධව පළල් සංවාදයක් අපේ රටේ නැති නිසායි”

යනුවෙනුයි ඒ මහතා එහිදී ප්‍රකාශ කළේ.

කොත්තු රොටී යනු ශ්‍රී ලංකාවෙන් බිහිවූ ආහාරයක් යැයි අප නම් දන්නේ නැත. අප දන්නේ මෙය බංග්ලාදේශය ආශ්‍රිතව නිර්මාණය වූ ආහාරයක් බවකි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ චරිත හේරත්ලාට ඉතාම පහසුවෙන් පේටන්ට් අයිතිය ගතහැකි සහ ගතයුතු කොත්තුවක් මෑතක් වෙනතුරුම ශ්‍රී ලංකාවේ තිබිණි. ඒ, වඳ කොත්තුවයි !

පසුගිය යහපාලන ආණ්ඩුව පෙරළා දැමීම සඳහා, මුස්ලිම්වරුන්ට එරෙහිව ජාතිවාදය ඇවිස්සීමේ වුවමනාවෙන් තීව්‍ර ලෙස කරළියට ගෙනෙන ලද “වඳ කොත්තුව” ලොවෙත් නැති ආහාරයකි. එය සොයාගත්තේ පැහැදිලිවම පොහොට්ටුවෙනි.

චරිත හේරත් මහතාට අහම්බෙන් හෝ මඩකලපු කතාවක් කියවුණ ද වඳ කොත්තු කතාව මෑතකදී ඉහළටම පැමිණියේ මඩකලපුවෙන් නොව ඊට ටිකක් එහා අම්පාරෙනි. අම්පාරේ කඩයකින් ලබාදුන් කොත්තුවක වඳ පෙති තිබිණැයි කෝලාහලයක් ඇතිවී එය පොලිසිය දක්වාම ගිය අයුරුත්, අවසානයෙහි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මැදිහත්ව මාධ්‍ය හමුවක් පවත්වා එසේ වඳභාවයට පත් කළහැකි කිසිදු පෙත්තක් මෙතෙක් ලොව සොයාගෙන නැති බව පවසන්නට සිදුවූ අයුරුත් අපට මතක ය.

“අපි ඕවාට නෑ, අපි විද්වත්” කියා මහාචාර්ය චරිත හේරත් මහතාට දැන් වුවමනා නම් පැවසිය හැකි වුවත් ඒ මහතා අදටත් ඔය පාර්ලිමේන්තුවේ අසුන්ගෙන සිටින්නේ වඳ කොත්තු ආදිය ඔස්සේ නැඟුණු පොහොට්ටු රැල්ලෙනි. ඒ නිසා ඒ මහතාට මින් වහන් වෙන්නට බැරිය. එතුමා අද දරණ ඔය සියලු තනතුරු ලැබුණේ එකී නීච, නින්දිත වඳ කොත්තු ජාතිවාදී ප්‍රචාරණයට පින් සිදුවෙන්නට ය.

ඒ අනුව, මහාචාර්ය චරිත හේරත් මහතාණෙනි, වඳ කොත්තුවට පමණක් නොව වඳ බ්‍රෙෂියර්, වඳ පෑන්ටි, වඳ පෙති යන සියල්ලට පේටන්ට් බලපත්‍ර ගන්න. ඒවා සොයාගත්තේ ඔබේ පක්ෂයේ පාක්ෂිකයින් විසිනි. ඒවා ලොවෙත් වෙන නැත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

CID සහ FCID ට අමතරව PCID නමින් අලුත් ඒකකයක්

සටහන - රුවන් නෙළුගොල්ල අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබඳ විමර්ශනය කිරීම...

ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් දැඩි සත්කාර ඒකකයට !

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

සියල්ලටම ප්‍රධාන වන්නේ ඔබගේ සිතුවිල්ලයි:සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂක සංජීව පුෂ්පකුමාර

ඔබට අවශ්‍යයවන්නේ මිනිසෙකුට අකමැතිවීමට පළමුව ඒ සදහා අවශ්‍යවන සිතුවිල්ලයි....

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි!

රෂිකා හෙන්නායක අගෝස්තු 23 කොළඹ LNW: හිටපු මහ බැංකු අධිපති...