09 වැනි පාර්ලිමේන්තුවේ 05 වැනි සභාවාරය විවෘත කිරීම අද

09 වන පාර්ලිමේන්තුවේ 05 වන සභාවාරය අද (07) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව, අද පෙරවරු 10.30ට පාර්ලිමේන්තුවේ මුලසුන දරමින් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය 08 සහ 09 යන දෙදින තුළ පැවැත්වීමට නියමිතය.

මෙවර පාර්ලිමේන්තුව සභාවාරය විවෘත කිරීමේ උත්සවය ඉතා අඩු වියදමෙන් සරල සහ චාම් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

මෙම උත්සවය සඳහා ආචාර පෙළපාලි, ආචාර වෙඩිමුර, පෙර ගමන් රථ යනාදී විශේෂාංග කිසිවක් ඇතුළත් නොවන බවයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ.

RN