තම රටේ මිනිසුන් කුසගින්නෙන් මිය යන බවට වන චෝදනා ඉතියෝපියානු අගමැති ප්‍රතික්ෂේප කරයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 07 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ආහාර අර්බුදයක් සමග පොරබදමින් සිටින ගැටුම්වලින් පීඩාවට පත් Tigray සහ Amhara ප්‍රදේශවල මිනිසුන් කුසගින්නෙන් මිය යන බවට වන චෝදනා ඉතියෝපියානු අගමැති Abiy Ahmed ප්‍රතික්ෂේප කරයි.

ඉතියෝපියාවේ කුසගින්න නිසා මිය යන මිනිසුන් නැති බව, ඉතියෝපියානු අගමැති Abiy Ahmed නීති සම්පාදකයින්ට පවසා ඇත.

මන්දපෝෂණය හා සම්බන්ධ රෝග හේතුවෙන් මිනිසුන් මිය යන්නට ඇති බව ඔහු පවසයි.

Tigray, Amhara සහ Oromia ඇතුළු රටේ ප්‍රදේශ කිහිපයක ජනතාවට නියඟය බලපාන බව පිළිගත් අගමැතිවරයා අපි මෙම ප්‍රශ්නය දේශපාලනීකරණය කිරීමෙන් වැළකිය යුතු බවට අනතුරු අඟවයි.

පසුගිය මාසයේ, රජය විසින් පත් කරන ලද ෆෙඩරල් ඔම්බුඩ්ස්මන් ආයතනය පැවසුවේ, Tigray සහ Amhara හි උතුරු ප්‍රදේශවල 400 කට ආසන්න පිරිසක් සාගින්නෙන් මිය ගොස් ඇති බවයි.

මේ අතර වඩාත්ම අවදානමට ලක්විය හැකි අයට ප්‍රමාණවත් තරම් මානුෂීය ආධාර ලබා නොදීම ගැන ඉතියෝපියානු මානව හිමිකම් කවුන්සිලය (EHRC) ෆෙඩරල් සහ ප්‍රාදේශීය ආණ්ඩුවලට දොස් පවරා ඇති බව සඅහන් වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ, ගැටුම්, නියඟය සහ ගංවතුර හේතුවෙන් ඉතියෝපියාවේ මිලියන 20ක පමණ ජනතාවකට ආහාර ආධාර අවශ්‍යවන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...

RMV හිටපු ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වන...

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...