ඉතුරු ඉසුරි සහ සිතුමි පමණයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 08 කොළඹ (LNW): ගාල්ල දඩලල ගෘහස්ථ ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවත්වෙන ශ්‍රී ලංකා ජාත්‍යන්තර අභියෝගතා සූරතාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කළ කාන්තා සහ පිරිමි කේවල,යුගල මෙන්ම මිශ්‍ර යුගල තරග කාණ්ඩවලින් මේ වන විට අවසාන පූර්ව තරග සඳහා සුදුසුකම් ලබන්නට භාග්‍යය උදා කරගෙන සිටින්නේ ඉසුරි අත්තනායක සහ සිතුම් ද සිල්වා පමණි.ලාබාල ඔවුන් දෙදෙනා සිය වයස් කාණ්ඩයේ දී දක්ෂතා අතර සිටිය ද තරගාවලිය ක්‍රියාත්මක වූ ආකාරයට ඔවුන් දෙදෙනාගේ තරග සැළසුම වාසනාවන්ත ලෙස සකස් වී තිබීමත් මේ දක්වා ඒමට ප්‍රධාන වශයෙන් බලපෑවේය.කෙසේ වුව ද සිතුමි සහ ඉසුරි ඉකුත් වසරේ බහරේනයේ පැවති ජාත්‍යන්තර කණිෂ්ඨ තරගාවලියේදී අවුරුදු 15 න් පහළ කාන්තා යුගල සූරතාවය ශ්‍රී ලංකාවට දිනා දුන් ක්‍රීඩිකාවෝ වෙති.

අද පැවති කේවල පිරිමි තරගවලදී බුවනෙක ගුණතිලක වට 2 – 1 ක් ලෙස ඉන්දීය ක්‍රීඩක සිද්ධාර්ත් ප්‍රතාප් සිං ට පරාජය විය.ලකුණු තත්ත්වය 21-18, 20-22 සහ 21-18 ලෙස දැක්විණි.විරේන්ට මෙම තරගයේ ශ්‍රේණිගත කිරීම්වල 10 වන තැන සිටින රිතික් සංජීවි රතික් කුමාර් ඉදිරියේ වට 2-0 ක් ලෙස පරාජය වැළඳ ගන්නට සිදුවිය.එහි ලකුණු තත්ත්වය දැක්වුණේ 21 – 19 සහ 21 – 08 ක් ලෙසය.

පිරිමි යුගල තරගාවලියේ සටන්කාමී සටනක නියැලුණු විරේන් සහ බුවනෙක අවසානයේ ඉන්දීය ක්‍රීඩකයින් වූ දිව්‍යම් අරෝරා සහ ආර්ශ් මොහොමඩ් ඉදිරියේ වට 2-1 ලෙස පරාජයට පත් විය.ලකුණු තත්ත්වය දැක් වුණේ ලකුණු 21-16, 16-21 සහ 21-18 ලෙසය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...