*
Friday, October 25, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකා අභියෝගයේ වැඩි අවස්ථාවන් ඉන්දියාවට

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 11 කොළඹ (LNW): ගාල්ල දඩල්ල ගෘහස්ත ක්‍රීඩාංගණය පාදක කරගෙන පැවති ශ්‍රී ලංකා ජාත්‍යන්තර අභියෝගතා බැඩිමින්ටන් සූරතාවලියේ අවසාන මහා තරග පැවත්වෙන දිනය අදයි.මේ වන විට තරගාවලියේ වැඩි ගෞරවය ඉන්දියාව සතුවන බව පෙනෙන්නට තිබෙනවා.අද පැවත්වෙන අවසාන තරගවලදී බහුතරයක් ඉන්දියානුවන් දකින්නට ලැබෙනවා.


පිරිමි කේවල අවසාන තරගයට ඉන්දියානුවන් දෙදෙනෙක්ම පැමිණ තිබෙනවා.ඒ අතරින් රිත්වික් සංජීවි සතිස්කුමාර් සිටන අතර ශ්‍රී ලංකාවේ විරේන් නෙත්තසිංහගේ ගමණට බාධා කරමින් ඔහුව පරාජයට පත් කළේ මෙම ක්‍රීඩකයායි.ඔහුට එරෙහිව මුහුණ දෙන්නේ ඉන්දියාවේම කාර්තිකී ගුල්ෂාන් කුමාර් ය.
කාන්තා කේවල අවසාන තරගය සඳහා ද සුදුසුකම් ලබා සිටින්නේ ඉන්දීය ක්‍රීඩිකාවන් දෙදෙනෙකුයි.ඒ රක්ෂිතා ශ්‍රී සංතෝශ් රාම්රාජ් සහ ඉෂාරානි බරුවා යි.පිරිමි යුගල අවසාන තරගය සඳහා පිවිසීමේදී ඉන්දීය ආධිපත්‍යය සම්පූර්ණයෙන් බිඳ වැටී තිබෙනවා.එහිදී අවසන් තරගය සඳහා ඉන්දුනීසියාව නියෝජනය කරමින් රහ්මත් හිදායට් සහ යකෝබ් රම්බිටාන් පිවිස සිටිනවා.ඔවුන් දෙදෙනාට එරෙහිව මැලේසියාව නියෝජනය කරමින් බ්‍රයන් ජෙරමි ගෝන්ටීන් සහ ෆස්රික් මොහොමඩ් රාෂිප් තරග වැදීමට නියමිතයි.
කාන්තා යුගල අවසාන තරගයේ දී එක් ඉන්දියානු යුගලයක් දකින්නට ලැබෙනවා.ඒ අනුව ඉන්දියාව නියෝජනය කරමින් රුටාපර්ණා පැන්ඩා සහ ස්වෙට්පර්ණා පැන්ඩා තරග බිමට පිවිසෙනවා.ඔවුන්ට එරෙහිව තරග වඳින පිචමෝන් පට්චරාපිෂුටිශින් සහ නන්පාස් ෂුක්ක්ලාඩ් නියෝජනය කරන්නේ තායිලන්තය යි.මිශ්‍ර යුගල තරගවලදී ද ඉන්දීය නියෝජනයක් ලෙස අශික් සූර්යා සහ අම්රුතා ප්‍රමුතේශ් දකින්නට ලැබෙනවා.ඔවුන් දෙදෙනාට විරුද්ධව තායිලන්තය නියෝජනය කරමින් පුවානට් හොර්බන්ලුකේට් සහ කාෂින් කොරේපාප් තරග වඳිනවා.


මේ අනුව පිරිමි යුගල තරගයේදී හැරෙන්නට අන් සෑම අවසාන තරගයකදීම ඉන්දියාවට සූරතාවය සඳහා ඉඩ විවෘත වී තිබෙනවා.එහෙත් පිරිමි සහ කාන්තා කේවල සූරතානම් අනිවාර්යෙන් ඉන්දියාව සතු වන්නට නියමිතයි.ඊට අමතරව තායිලන්ත යුගල දෙකක් අවසාන තරගවලදී දකින්නට ලැබෙන අතර එක් යුගලය බැඟින් ඉන්දුනීසියාවෙන් සහ මැලේසියාවෙන් අවසාන තරගවලදී දකින්නට ලැබෙනවා.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan