ට්‍රම්ප් මූල්‍ය වගකීම් ඉටු නොකළ නේටෝ රටවලට පහර දීමට රුසියාව දිරිමත් කිරීම හෙවෙත් පුටින්ගේ කනට මීපැණි වැක්කිරිම

Date:

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 11,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : 2024 ධවල මන්දිර අපේක්ෂකයා ලෙස දෙවන ජනාධිපති ධූරයක් අපේක්ෂා කරන ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔවුන්ගේ මූල්‍ය වගකීම් ඉටු නොකළ බව ඔහු සලකන එක්සත් ජනපදයේ නේටෝ සහචරයින්ට පහර දීමට රුසියාව දිරිමත් කරන බව දකුණු කැරොලිනාවේ කොන්වේ හි පැවති ප්‍රචාරක රැලියකදී පවසා ඇති බව වාර්තා වේ.

ඒ අනුව විශ්ලේෂකයන් ප්‍රකාශ කරන්නේ ට්‍රම්ප් බලයට පැමිණෙන්නේ නම් අවශ්‍ය විටෙක ආරක්ෂා කිරීමට එක්සත් ජනපදය කැපවී සිටින 31 ජාතීන් ගේ සන්ධානය වන නේටෝ හි පැවැත්ම අභියෝගයට ලක්විය හැකි බවයි.

ට්‍රම්ප්ගේ දැඩි මතවාද පැවතියද ඔහු 2020 මැතිවරණයෙන් හිටපු ජනාධිපතිවරයා පරාජය කළ බයිඩන්ට එරෙහිව ට්‍රම්ප් මහජන මත විමසුම්වල ඉහලින්ම දක්නට ලැබේ.

විවිධ අධිකරණ බල ප්‍රදේශ හරහා වෙන වෙනම අධිචෝදනා හතරක අඩංගු චෝදනාවලින් කියැවෙන්නේ ඔහු පරාජයට පත් වූ මැතිවරණ ප්‍රතිඵලය යටපත් කිරීමට උත්සාහ කිරීම, ජනාධිපති ධුරයෙන් පසු රජයේ රහස් නීති විරෝධී ලෙස රඳවා තබා ගැනීම සහ කාමුක තරුවකට නීති විරෝධී ලෙස මුදල් ගෙවීම ආදී චෝදනා 90ක් සමඟ පොරබදමින් සිටීයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එජපෙටයි සමඟිටයි තවත් නම් දිනන්න බැහැ. අපි අලුත් වැඩක් හදනවා – චම්පික

කොළඹ LNW: සංවර්ධනය වෙන එමෙන්ම දුෂණය නැති රටක් වෙනුවෙන්...

උදය ගම්මන්පිලත් අත්අඩංගුවට ??

නීතීඥ අචලා සෙනවිරත්න විසින් කරන ලද පැමිණිල්ලක් අනුව හිටපු...

තැපැල් වර්ජනය:සේවක ඉල්ලීම් 19න් 17ක්ම දීලා. සේවයට වාර්තා කරන අයට ආරක්ෂාව සපයයි

කොළඹ LNW: තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ...

කළු සල්ලි ජාවාරමක් පිළිබඳව රනිල්ට එරෙහිව CIDයට පැමිණිල්ලක් ?

කොළඹ නෙළුම් කුලුනේ කැසිනෝ ශාලාවක් පවත්වාගෙන යාම සඳහා ඉන්දියානු...