අපි යුක්‍රේනයට වෙලාම ඉන්නම් – ශ්‍රී ලාංකිකයින් 27 දෙනෙකු කියලා !

යුධමය තත්වයක් පවතින යුක්‍රේනයේ සිටි ශ්‍රී ලාංකිකයින් 27 දෙනෙකු එම රටින් ඉවත්වීම ප්‍රතික්ෂේප කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

“යුක්‍රේනයේ හිටියා ශ්‍රී ලංකා පුරවැසියන් 81 දෙනෙක්. ඒකෙන් 15ක් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ. ඉතිරි 66න් 39ක් දැන් වනවිට යුක්‍රේනය අතහැරලා ගිහිල්ලා තිබෙනවා. ඒ අය පෝලන්තය, රුමේනියාව, මෝල්ඩෝවා කියන රටවල්වලට ගිහිල්ලා තියෙනවා. විශාල සංඛ්‍යාවක් ජර්මනියට ගිහිල්ලත් තියෙනවා. එතකොට යුක්‍රේනයේ ඉතිරිවෙලා තියෙන්නෙ ශ්‍රී ලාංකිකයින් 27 දෙනෙක්. දැන් ඒ 27 දෙනා කියලා තියෙනවා දැනට ඒගොල්ලොන් යුක්‍රේනය අතහැර යෑමට කැමති නෑ කියලා. ඔවුන් දුරකථනයෙන් සම්බන්ධ වෙලා තියෙනවා තානාපති කාර්යාලයට”

විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා මේ බව පැවසුවේ ඊයේ (09) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමිනි.

ශ්‍රී ලංකාවේ දැන් පවතින ආර්ථික තත්වය අනුව යුද්ධයක් පවතිද්දී පවා යුක්‍රේනයේම රැඳී සිටීම වඩා හොඳයැයි ඔවුන් සිතුවාදැයි අප දන්නේ නැත.

RN