මහින්දානන්දගේ අයථා වත්කම් නඩුවක තීන්දුවට දින නියම වෙයි !

Date:

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවක තීන්දුව අප්‍රේල් 25 වනදා ප්‍රකාශයට පත්කරන බවට කොළඹ මහාධිකරණය ඊයේ (14) නියම කර තිබේ.

ඒ, එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා හමුවේ ඊයේ කැඳවූ අවස්ථාවේදී ය.

අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් සිටි සමයේ අයථා ලෙස උපයා ගන්නා ලද රුපියල් ලක්ෂ 274ක මුදලක් යොදවා බොරැල්ල, කින්සි පාරේ පිහිටි සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සනිල් කුලරත්න මහතා සහ විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ නීතිඥ කාංචන රත්වත්තේ මහතා ඊයේ දිනයේදී අධිකරණය හමුවේ වාචිකව කරුණු දැක්වූ අතර ලිඛිත දේශන ඉදිරියේදී භාරදීමට නියමිත ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුඳු වගාව මහනුවර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්තියට පියවර!

කොළඹ LNW: මහනුවර දිස්ත්‍රික්කය තුළ කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම...

දේවපතිරාජයට ආදර්ශයක පෙරගමන්කරු වීමේ ජයක්

සටහන - නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ...

චීන-ඉන්දීය මිත්‍රත්වය අලුත් කළ විදෙස් ඇමතිවරුන්ගේ සාකච්ඡාව! ‍

කොළඹ LNW:මෙම මස අවසානයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා...