මහින්දානන්දගේ අයථා වත්කම් නඩුවක තීන්දුවට දින නියම වෙයි !

Date:

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවක තීන්දුව අප්‍රේල් 25 වනදා ප්‍රකාශයට පත්කරන බවට කොළඹ මහාධිකරණය ඊයේ (14) නියම කර තිබේ.

ඒ, එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා හමුවේ ඊයේ කැඳවූ අවස්ථාවේදී ය.

අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් සිටි සමයේ අයථා ලෙස උපයා ගන්නා ලද රුපියල් ලක්ෂ 274ක මුදලක් යොදවා බොරැල්ල, කින්සි පාරේ පිහිටි සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සනිල් කුලරත්න මහතා සහ විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ නීතිඥ කාංචන රත්වත්තේ මහතා ඊයේ දිනයේදී අධිකරණය හමුවේ වාචිකව කරුණු දැක්වූ අතර ලිඛිත දේශන ඉදිරියේදී භාරදීමට නියමිත ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

 Kathy Ruemmler ගේ අවසන් තීරණය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝල්ඩ්මන් සැක්ස් (Goldman...

ගුවන් විදුලියට 100යි. එදා මෙදාතුර ශිල්පීන්, මාධ්‍යවේදීන් පිරිවරා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW: ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම්...

ආනයනික වාහනවලට තවත් බද්දක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන අප්‍රේල් 01 සිට ආනයනය කරන වාහන...

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : මහ බැංකුව විසින්...