ජාතික රෝහලේ බාහිර රෝගී අංශය ඉදිරිපිට ස්ථීර පොලිස් මුරපොළක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 15 කොළඹ (LNW): කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය ඉදිරිපිට ස්ථීර පොලිස් මුරපොළක් ස්ථාපිත කිරීම අද සිදුකෙරුණී.

එම අවස්ථාවට සහභාගී වෙමින් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මාධ්‍ය වෙත පැවසූවේ, රටින් පළා ගොස් සිටින අපරාධකරුවන් 42 දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.

කුඩු සලිදු නැමැති මත්කුඩු ජාවාරම්කරුගේ ප්‍රධානම ගෝලයා ඩුබායි හිදී අත්අඩංගුවට ගැනීමෙන් පසු අද අළුයම මෙරටට රැගෙන ආ බව ද වැඩබලන පොලිස්පතිවරයා එහිදී පැවසීය.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් , ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශම්මිගේ ක්‍රිකට් ගැන අදහසක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 27, කොළඹ LNW: ආසියාවේ විස්සයි විස්ස සූරියන්...

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද අද (27) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

උතුරු කොරියාව හා රුසියාව අතර ‘ලේ’ බැඳීමක් ඇති බව කිම් ජොන් උන් කියයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 27: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: උතුරු කොරියාව...

මූල්‍ය විනය, වෙළඳ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව IMF වෙත සහතික වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : ජාත්‍යන්තර මූල්‍ය අරමුදල...