වතුකරයේ නිවාස හිතවත් අයට පමණයි! වතු කම්කරුවන් පිරිසක් විරෝධතාවයක.

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 15 කොළඹ (LNW): අද උදෑසන වතු කම්කරුවන් පිරිසක් විරෝධතාවයක නිරත වූ අතර, ඒ ඉන්දීය රජයේ ආධාර යටතේ වතුකරයේ ඉදි කරන වතු නිවාස හිතවත් අයට පමණක් බෙදා දීමට කටයුතු කරන බව පවසමිනි.

අද උදැසන ඉන්දීය රජයේ ආධාර යටතේ තම වතුයායේ ඉදි කිරිමට යෝජිත වතු නිවාස පනහක් නිවාස නොමැති අයට ලබා නොදී නිවාස ඇති අයට බෙදා දීමට වතුකරයේ ප්‍රධාන වෘත්තී ය සමිතියක් කටයුතු කරන බව පවසමින් බගවන්තලාව වතුයායේ වතු කම්කරුවන් පිරිසක්  බගවන්තලාව තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට විරෝධතාවයක නියැලුණු බව වාර්තා වේ.

විරෝධතාවයේ නියැලි සිටි වතු කම්කරුවන් කියා සිටියේ ඉන්දීය රජයේ ආධාර යටතේ වැවිලි මානව සම්පත් භාරය මගින් වතුකරය පුරා තනි නිවාස ඉදි කරන බවත්, එම නිවාස යෝජනා ක්‍රමයට අනුව තම වතුයායේද නිවාස පනහක් ඉදි කිරීම සඳහා වතු පාලන අධිකාරිය මගින් ඉඩමක් ලබා දී ඇති බවයි.

වතු කම්කරුවන් කියා සිටියේ, ඉදි කිරිමට යෝජිත නිවාස පනහක් බෙදා දීමට මේ වන විට තම වතුයායේ ප්‍රධාන වෘත්තිය සමිතියක සමාජිකයන් විසින් රු. හැටදහසක මුදලක් අය කර ඇති බවත්, එසේ මුදල් ලබාදී නිවාස ලබා ගැනිමට සුදුසුකම් ලබා ඇත්තේ තම වතුයායේම නිවාස තිබෙන අය බවයි විරෝධතාවයේ නියැලී සිටි එම වතුයායේ නිවාස නොමැතිව තාවාකාලික නිවාස වල රැදී සිටින බවයි.

වතුකරයේ අඩු ආදායම්ලාභි නිවාස නොමැති අයට ඉන්දියානු රජයේ ආධාර යටතේ ඉදි කරන නිවාස ලබාදෙන ලෙස ඉන්දීය රජයෙන්ද යෝජනා කර ඇති බවත්, එම යෝජනාවට පටහැනිව එම වෘත්තිය සමිතිය විසින් එහි සමාජිකයන්ට සහ නිවාස හිමි අයට නව නිවාස ලබාදීමට කටයුතු කරමින් සිටින බවයි.

නිවාස ඉදි කිරීමට ඉඩම් කැබැල්ල පමණක් තම වතුයාය මගින් ලබා දී ඇති බවත්, නිවාස ඉදි කිරිම් කටයුතු සහ නිවාස ලබාදීමේ කටයුතු වැවිලි මානව සම්පත් භාරය මගින් සිදු කරන බවත්, මේ සම්බන්ධයෙන් එම වතුයායේ පාලන අධිකාරියේ නිලධාරියෙකු විරෝධතාවයේ නියැලි වතු කම්කරුවන් හමුවේ කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චෝදනා දෙකකට වරදකරු වූ අලි රොෂාන්ට බරපතළ වැඩසහිත වසර 15ක සිරදඬුවම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත්...

ට්‍රම්ප්ගේ ඇමරිකානු තීරුබදු තර්ජන හමුවේ කැනඩාව සහ මෙක්සිකෝව එක්ව කටයුතු කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 19 : ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

2026 අයවැයේ ඉලක්කය මෙන්න!

කොළඹ LNW: 2026 අයවැය මඟින් රටේ ඉදිරි සංවර්ධනයට අඩිතාලමක්...

වැසි තත්වයේ වෙනසක් – අද (19) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 19) දිනයේදී බස්නාහිර, සබරගමුව,...