ජීවිතයෙන් සමු ගත් බොලිවුඩ් නිළි මල්ලිකා!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 15 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බොලිවුඩ් නිළියක සහ ගායිකාවක වන මල්ලිකා රාජ්පුට් සියදිවි හානිකරගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මිය යන විට ඇය 37 වන වියේ පසු විය.

මල්ලිකාගේ සිරුර උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි ඇගේ නිවෙසේ කාමරයක විදුලි පංකාවක එල්ලෙමින් තිබියදී සොයා ගත් බව පොලිසිය ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.

ඇගේ මව පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ, පවුලේ සියලු සාමාජිකයන් නින්දේ පසුවූ බැවින් සිය දියණියගේ දිවි නසා ගැනීම පිළිබඳ කිසිවක් නොදන්නා බවයි.

2016 වසරේදී භාරතීය ජනතා පක්ෂයට බැඳී දේශපාලනයට ද එක් වූ මල්ලිකා රාජ්පුට් වසර දෙකකට පසු දේශපාලනයෙන් සමුගත් අතර, අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජීවිත කතාව ඇසුරින් ග්‍රන්ථයක් ද ලියා පළ කර තිබුණු බව වාර්තා වේ.

එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, ඇය සිය ජීවිතයේ අවසන් කාලයේදී ආධ්‍යාත්මික ජීවන රටාවකට යොමු වී සිටි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...

LOLC ගැන අසත්‍ය ප්‍රචාර වැළැක්වීමට කොන්දේසි සහිත අධිකරණ නියෝගයක්

සටහන - රුවන් නෙළුගොල්ල LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සහ එහි ව්‍යාපාරික...

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද...