ජීවිතයෙන් සමු ගත් බොලිවුඩ් නිළි මල්ලිකා!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 15 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බොලිවුඩ් නිළියක සහ ගායිකාවක වන මල්ලිකා රාජ්පුට් සියදිවි හානිකරගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මිය යන විට ඇය 37 වන වියේ පසු විය.

මල්ලිකාගේ සිරුර උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි ඇගේ නිවෙසේ කාමරයක විදුලි පංකාවක එල්ලෙමින් තිබියදී සොයා ගත් බව පොලිසිය ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.

ඇගේ මව පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ, පවුලේ සියලු සාමාජිකයන් නින්දේ පසුවූ බැවින් සිය දියණියගේ දිවි නසා ගැනීම පිළිබඳ කිසිවක් නොදන්නා බවයි.

2016 වසරේදී භාරතීය ජනතා පක්ෂයට බැඳී දේශපාලනයට ද එක් වූ මල්ලිකා රාජ්පුට් වසර දෙකකට පසු දේශපාලනයෙන් සමුගත් අතර, අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජීවිත කතාව ඇසුරින් ග්‍රන්ථයක් ද ලියා පළ කර තිබුණු බව වාර්තා වේ.

එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, ඇය සිය ජීවිතයේ අවසන් කාලයේදී ආධ්‍යාත්මික ජීවන රටාවකට යොමු වී සිටි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ළමා පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සේවාවන් විධිමත් කිරීමට පියවරක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : දිවයින තුළ ළමා...

විද්‍යාඥයින් වසර මිලියන 1 ක් පැරණි නැතිවූ ලෝකයක් සොයා ගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 07, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නවසීලන්තයේ උතුරු දූපතේ...

ලෝක කුසලානයේ සමාරම්භක තරගය නොමිලේ බලන්නට එස්එස්සී ය විවෘත වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

චීනය දරුවන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 07, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය බාලවයස්කාර දරුවන්ගේ...