ඇමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් ආර් වර්මා ලඟදීම දිවයිනට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 17 කොළඹ (LNW): ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරමින් ප්‍රකාශ කරන්නේ, කළමනාකරණය සහ සම්පත් සඳහා වු ඇමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් ආර් වර්මා (Richard Verma) මහතා මෙරට නිල සංචාරයක් සඳහා පැමිණීමට නියමිත බවයි.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ, හෙට ආරම්භ වන ඇමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයාගේ ආසියානු සංචාරය අතරතුර ඔහු මෙරටට පැමිණීමට නියමිත බවයි.

රිචඩ් ආර් වර්මා මහතා ඉන්දියාව සහ මාලදිවයින යන රටවල් වල සංචාරය නිම කොට ශ්‍රී ලංකාවට පැමිණීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වේ.

එහිදී මෙරට රජයේ උසස් නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිත අතර කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය නිරීක්ෂණයට ද ඇමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පන්ජාබය එකම ජලාශයක් බවට පත්වේ; ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන්

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දින ගණනාවක්...

අපරාධ මඩින්න සිවිල් කාර්ය බළකායෙන් 20,000ක් පොලීසියට!

කොළඹ LNW:අපරාධ මැඩලීම සහ පොලීසියට සහයක් වශයෙන් සිවිල් කාර්ය...

කෙහෙල්බද්දර පද්මේගේ අයිස් අමුද්‍රව්‍ය හංගාගෙන සිටි පොහොට්ටු හිටපු මන්ත්‍රී අත්අඩංගුවට!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම්...